ලංකාවේ වැඩිම ආර්ථික විශේෂඥයින් හා මුල්‍ය විශේෂඥයින්ට බාහිරව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයට පිටින් උපදේශකයින් හා නීති උපදේශකයින් පත් කිරීමට ‘ජාතික ආර්ථික සභාව යෝජනා කරයි . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශ පසෙකලා අතුරලියේ රතන හිමි, වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගෙන් ‘කාබනික කෘෂිකර්මාන්තයට උපදෙස් ලබා ගැනීම‘ වැනි විනාශකාරී අවදානම් සහගත ක්‍රියාවකි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පිටින් ව්‍යාපාරිකයින්, භික්ෂුන්, වෛද්‍යවරුන් දුන් උපදෙස් කෘෂිකර්මාන්තය විනාශ කර රට සාගතයකට ඇඳ දමා ඇත. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුවේ විශේෂඥයින්ට පිටින් උපදේශකයින් හා විශේෂඥ කමිටු හා නීති උපදේශකයින් ආර්ථික අර්බුදය තවදුරටත් වේගවත් කර මහා විනාශයකට පාර කපනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ ‘ජාතික ආර්ථික සභාවත්‘ එයට සහායවීමට පත් කළ උපදේශක කමිටුවත් මාධ්‍ය සංදර්ශනයක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ පුවත්පත් නිවේදනයෙන් තහවුරු වේ.
ජාත්‍යන්තර මුල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ‘උපදේශක කමිටුව‘ යෝජනා කර ඇත. ලංකාවේ ඉහළම වැටුප් ලබන, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත වැඩිම ආර්ථික විශේෂඥයින්ගෙන් සමන්විත මානව සම්පත ඇති ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යි. ඔවුහු දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම්, අධ්‍යාපනය, යාවත්කාලීන දැනුම සහිත පිරිසකි. මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් ගේ ඒකාබද්ධ රැස්වීමක් යනු මෙරට ඉහළම තාක්ෂණික දැනුමේ එකතුවකි.
අද ඇති ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ, මහ බැංකු අධිපතිවරයා සහ දේශපාලන නායකත්වය දේශීය විශේෂඥයින්ගේ දැනුම හා නිර්දේශ නොතකා හැරීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණයකට ජාත්‍යන්තර මැදිහත්කරුවන් හා නීති උපදේශකවරුන් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින නමුත්, පුවත්පත් නිවේදනයේ දැක්වෙන පරිදි ‘ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීමට‘ උපදේශකයින්, මහ බැංකුවේ නීති අංශයට පිටින් විශේෂඥ දැනුම අවශ්‍ය වන්නේ නැත.
ජනමාධ්‍ය ඉදිරියේ මහ බැංකුව විශේෂඥයින්ගේ දැනුම අවඥාවට ලක් කළ, පරිභව කළ සහ සමාජ මධ්‍ය යොදාගනිමින් ‘ස‘ බැන්නා විතරයි, මහ බැංකුව රෑ ලයිට් දාගෙන වැඩ‘ යැයි උපහාස කළේ මේ ආර්ථික අර්බුදයේ නිර්මාතෘවරුන් ය.
මුදල් ඇමතිවරයාට සහාය වීමට විශේෂඥ කණ්ඩායම හඳුණා ගැනීම – මුදල් අමාත්‍යාවරයාට මහා භාණ්ඩාගාරයේ පමණක් විශේෂඥ දෙපාර්තුමේන්තු 14 කට වැඩි සංඛ්‍යාවකි. අමාත්‍යවරයාට විශේෂඥ දැනුම සැපයීම සැකසූ යාන්ත්‍රණය ‘මුදල් අමාත්‍යාංශය‘ ය. මුදල් අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් හි මාණ්ඩලික නිලධාරීන්ගේන් 72% ක් පශ්චාත් උපාධිධාරීන් වෙති. ආචාර්ය උපාධි හිමි 12 කට ආසන්න පිරිසක් ඒවායේ සේවය කරති. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරීන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු පශ්චාත් උපාධිධාරීන් 120 කි. භාණ්ඩාගාරයේ කටයුතු සම්බන්ධයෙන් දැනට පවතින යාන්ත්‍රණයෙන් පිට කණ්ඩායම් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර, අවශ්‍යවන්නේ දැනටමත් ස්ථාපත මානව සම්පත් හි විශේෂඥ දැනුම උපරිමයෙන් භාවිත කිරීම ය.
තවද, මෙම යෝජනාව මගින් ‘ජාතික ආර්ථික සභාවත් එහි උපදේශකයිනුත්‘ මුදල් අමාත්‍යාංශයේ වත්මන් නිලධාරීන්ට විශේෂඥ හැකියාවක් නොමැති බව සෘජු හෝ වක්‍ර ආකාරයෙන් සන්නිවේදනය කරයි. එසේ නම්, ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය මුලින්ම කළ යුත්තේ මුදල් අමාත්‍යාංශයේ නුසුදුසු පුද්ගලයින් එම තනතුරුවලින් ඉවත් කර, අද රාජ්‍ය සේවයේ සිටින සුදුසු පිරිසක් එම තනතුරු සඳහා පත් කර ගැනීම යි.
රටේ මුල්‍ය අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ, කුස්සි කැබිනට්ටුවක් වන් උපදේශකයින්ගේ කළු කඩයකින් නොව, විධිමත් ආයතන යාන්ත්‍රණයක් තුලය.
පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය පසෙක තිබිය දී, සර්ව පාක්ෂික සමුළුවක් වැනි නාමික මාධ්‍ය සංදර්ශනයකට ‘ජාතික ආර්ථික සභාව‘ ද ගමන් කරමින් සිටින බව පැහැදිලිය.
ජාතික ආර්ථික සභාවත්, එහි උපදේශකවරුන් පමණක් නොව ජනාධිපති මාධ්‍ය ඒකකය ද, රාජ්‍ය මුල්‍ය සහ ආර්ථික විද්‍යාවේ පදනම පමණක් නොව රාජ්‍ය පරිපාලනයේ සහ අමාත්‍යාංශ ව්‍යුහයත්, එහි තනතුරුධාරීන්ගේ කර්තව්‍ය හා වගකීම් ද වටහාගත යුතුව ඇත.
රාජ්‍ය සේවයට පිටින් කිසිදු නෛතික හෝ සමාජමය බැඳීමක්, වගකීමක් නොමැති ගජමිතුරන් පිරිසකට රටේ ආර්ථිකයේ ගමන්මඟ තීරණය කිරීමේ බලය හිමිවිය යුතු නැත. එවැන්නි ගජමිතුරු ‘කුස්සි කැබිනට්ටුවක්‘ රටේ ආර්ථික පරිහාණිය වඩා වේගවත් කරනු ඇතැයි,
හිටපු ආණ්ඩුකාර හා
ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහාතා වැඩිදුරටත් පැවසිය .