අමාත්‍ය ශාන්ත බණ්ඩාර ශ්‍රී .ල . නි .පයෙන් නෙරපා හරියි .

ඊයේ (12) ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්ය අමාත්ය ධුරය ලබා ගැනිම නිසා , ඔහුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් හා සියලු තනතුරු වලින් ඉවත් කළ බව එම පක්ෂයේ ප්රධාන ලේකම් දයාසිරි ජයසේකර පවසයි . ජයසේකර එසේ පැවැසුවේ ඊයේ (12) සවස ශ්රී .ල .නි .ප .කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ජාවේදීය . රට වැටි ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්රී ලාංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 13 ක් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරමින් සිටින බවත් ඒ වැනි මොහොතක අමාත්ය බණ්ඩාරව බිලි බා ගැනීම රාජපක්ෂලා ගේ අලුගෙත්තේරූ වඩක් බව ජයසේකර පැවැසීය . රාජපක්ෂවරු මුදල් ගෙවා මන්ත්රීවරු බිලි බා ගැනීම සම්බන්ධයෙන් කැත ඉතිහාසයක් ඇතැයි කී ජයසේකර ජනාධිපතිවරයා සමඟ හෙට (13) යොදා ගත් සාකච්ජාවාට වර්ජනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය .