ගෝඨා ගෝ ගම අරගලයේ නියමුවන් 03 ක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවයි.

කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවිමක් අනුව රංගන ශිල්පි ජගත් මනුරත්න සහා ටැම්පිටියේ සුගතානන්ද ස්වාමින් වහන්සේ අද (23) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණියහ.

රංගන ශිල්පි මනුරත්න, ටැම්පිටියේ සුගතානන්ද හාමුදුරුවන්ට අමතරව අමල් සාලින්දට ද අද (23) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී ඇත .

නීතිඥ උපදෙස් මත අමල් සාලින්ද හෙට (24) දිනයේ අපරාධ දෙපාර්තමේන්තුව පැමිණේන බව නීතිඥ අමිල එගොඩමහවත්ත සමුහ මංකොල්ලා අංශයේ ස්ථානාධිපතිට දන්වා ඇත .

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්විමට අනුව 26 දෙනෙකු ගේ නාම ලේඛනයක් නීතිපතිවරයා වෙත ඉරිදිපත් කර ඇති අතර එ අනුව විමර්ශන වලින් අන්තුරුව නීතිමය පියවර ගන්නැයි නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත .

දේපල වලට හානි කර ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදුනා යැයි කියා මේ වන විට රටපුරා 1600 පමන අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ . එම පිරිස අත්රින් 400 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත .