LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

කප්පම් ඉල්ලු ප්‍රසන්න රණතුංගට වසර 05 ක අත්හිට වු සිරදඬුවමක්

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මිලියන 64 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහා අධිකරණය හමුවේ පවරා තිබු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් , චෝදනා ලැබ සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම චෝනාවලට වරදකරු බව කොළඹ මහාධිකරණ විනිසුරු තීන්දු කර තිබේ.

වසර 02ක සිරදඬුවම වසර05 කට අත්හිටුවා ඇති අතර මෙම චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් මිලියන 25 ක් ව්‍යාපාරිකයාට ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය .

මිට අමතරව මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු විම නිසා , ඔහුට මිලියන 25 ක දඩමුදලක් ගෙවන්නැයි නියෝග කෙරිණ .

කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණේ වසර 2015 අප්‍රේල් 06 වන අතර කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචි වි සිටි අනවසර පදිංච්කරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඉවත්කර ,එම ඉඩම ගොඩ කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇත .

මෙම නඩුව පවර අවධියේ බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳවන මොරීන් රණතුංගට යාහපාලන ආණ්ඩුව සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී .

2 thoughts on “කප්පම් ඉල්ලු ප්‍රසන්න රණතුංගට වසර 05 ක අත්හිට වු සිරදඬුවමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *