LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මැරයෝ අරගලකරුවගේ දේපළ ගිනිබත් කරති.

ජේ .එම්.එස් .හෝල්ඩිස් හි අධිපති සමිත ගයාන්ට අයත් දේපළ පසුගිය 09 වෙනිදා විනාශ කළා යැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ එම්.එම්.ඩි . බණ්ඩාරට අයත් වැඩ පොළ (ගාරාජ් ) ගයාන් ගේ මැරයන් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි ජනතාව පවසති .

දින 14 කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද බණ්ඩාර පසු අධිකරණය මගින් ඇප මත මුදාහරින ලදී .

ගයාන් ගේ මැරයෝ බණ්ඩාරගේ ගරාජයට ගිනි තබා විනාශ කර ඇත්තේ ඔහු ඇප මත නිදහස් වි පැමිණ දින දෙකකට පසුවය .

අප්‍රේල් (09) වෙනිදා ගෝඨා ගෝ ගමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ මැරයෝ පහාරදීම නිසා ප්‍රකෝපයට පත් ජනයා මැර ක්‍රියා වලට සහභාගි වුවන් සොයා පහාරදීමටත් ඔවුන්ගේ දේපළ ගිනි තබා විනාශ කිරීමටත් පෙළඹුණහ.

ගයාන් මැරයෝ සමඟ ගාලුමුවදෝර ගෝඨා ගෝ ගමට කඩාවැදී කාන්තාවකට පහාර දෙන විඩ්යෝවක් අන්තර්ජාලය ඔස්සේ සැරිසැරිමත් සමඟ ප්‍රකෝප වු ඇඹිලිපිටිය ජනතාව ගයාන්ට අයත් හෝටල් 03ක් ගෙවල් 03 ක් කොටි ගණන් වටිනා වාහන 40 ක් පමණ තිබු යාඩ් එකට ගිනි තබා වීනාශ කළහ .

ගයාන් ත්‍රිවිල් රියදුරෙකු වි සිට කෙටි කාලයක් ඇතුළත කොටිපති ව්‍යාපාරියෙකු වි ඇත්තේ රාජපක්ෂලා ගේ බත්බැලයෙකු විමත් සමඟ බව ජනතා පවසති .

පසුගිය දා මහින්ද ගේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ නිරත සාමකාමි උද්ඝෝෂකයින්ට පහාර දී පලාගොස් අනතුරට ලක් වු කළු පාට ඩිෆේන්ඩරයේ අයිතිකරු වන්නේ ද මොහුය .

ගාලුමෝදර පිටියට කඩාවැදී කාන්තාවකට පහාර දෙන සිද්ධියට අදළ විඩීයෝ සාක්කි තිබියදීත් ගයාන්ව අත්අඩංගුවට නොගන්නේ රාජපක්ෂලා ඔහුව ආරක්ෂා කරන නිසා බව ජනතා පවසති .

ගයාන් පවවා ගෙන ගිය වාහනයට කාන්තාවක් යටවි වි ඇති බවත් නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් වාර්තාවේ .

ගයාන් ඔහු ගේ දේපළ විනාශ කළා යැයි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා අරගලකරුවන් ගෙන් පොලිසිය ඇතුල දී කටඋත්තර පවා ලබා ගන්නා බවත් ඇඹිලිපිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා ගයාන් ගේ අල්ලේ නැටවෙන රූකඩයක් බව ජනතාව පවසයි.

ගයාන් තමන් ගේ දේපළ විනාශ කළ පිරිස් රාජ්‍ය අනුග්‍රය මත දඩයම් කරන අතරම ඔහු ගේ ව්‍යාපරික කටයුතු වලට අභියෝග වන ව්‍යාපාරිකයන් හා ඔහුන් ගේ දරුවන් ද මෙම සිද්ධියට පටලවා දඩයම් කිරීම පටන් ගෙන ඇතැයි වාර්තාවේ .