අධිකරණයෙන් නිදහස් කළ ද නිදහස් නැති සිරකරුවෝ

Prisoners released by the court but not released

ත්‍රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි රජයට බල කර අද (07) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කොට ඇත.

අවුරුදු 03 වැඩි අවුරුදු 14 ක් දක්වා කාලයක් බන්ධනාගාර ගතව පිරිසක් සිටින බව සිරකරුවන් නිදහස් කර ගැනීමේ එකතුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අප කළ විමසුමකදී පැවැසීය.

දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට නිදහස් වන සිරකරුවන්ට නැවත රැදවුම් නියෝගයක් ද නොමැතිව නිති විරෝධීව බන්ධනාගාරයේ රඳවා තබා ගනිමින් නඩු පවරන බව නන්දිමාල් වැඩිදුරටත් කීය.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කූරේව ගම්පහ මහාධිකරණය මගින් පසුගිය දා නිදෝස් කොට නිදහස් කරන ලදී.

අධිකරණය මගින් කුරේව නිදෝස් කොට නිදහස් කළ ද නීති විරෝධිව බන්ධනාගාරයේ රඳවා ගනිමින් ඔහුට එරෙහිව කොළඹ සහා බදුල්ලේ නඩු දෙකාක් ගොනු කර ඇත.

ත්‍රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් බන්ධනාගාරගත සිට නිදහස් වන දේශපාලන සිරකරුවන් නැවත බොරු නඩු අටවමින් රඳවා ගැනීමට එරෙහිව ඔවුන් ගේ ඥාතීන් රජයට විරෝධය පල කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *