පොලිසිය ලහිරුට පහර දෙයි | නීතිඥවරුන්ටත් පොලිසියෙන් තහංචි

Police attack Lahiru | Lawyers are also banned by the police

ගාලුමුවදෝර පිටියේ ඊයේ (09) පැවැති විරෝධතා උද්ඝෝෂණයට සහ විරු සමරුවට සහභාගි වි යමින් සිටියදී ඩුප්ලිකේෂන් පාරේ දී වෙනසකට තාරුණයක් ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලහිරු විරසේකරව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විරසේකර ගමන් කළ යතුරු පැදිය පසු පස හඹා ගොස් , ඩුබ්ලිකේෂන් පාරේ දී පාර හරස් කර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසේකරගෙන් බෙල්ලෙන් අල්ලා පහාර දුන් බව ඔහු සමඟ යතුරු පැදියේ ගමන් කළ තරුණයා පවසයි.

විරසේකරව අත් අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ විදිය පොලිසියෙන් බවත් පසුව ඔහුව මරදාන පොලිසියට භාර දි ඇත.

අගොස්තු (30) වනදා පැවැති උද්ඝෝෂණයට සහභාගි වුවා යන චෝදනාව මත විරසේකරව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

විරසේක මරදාන පොලිසියේ රදවා සිටින බවට ලැබු ආරංචියත් සමඟ එහි ගිය පිරිස් වලට ඔහු බැලීමට දී නැති අතර නීතිඥවරුන් ද පොලිසිය ඇතුලට රැගෙන ඇත්තේ ඔවුන් ගේ හැදුම්පත් පරික්ෂා කිරීමෙන් පසුව බව විරසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවයෙක් අප සමඟ පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *