ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්

A New Front Against Terrorism Act

නිදහස වෙනුවෙන් නගමු හඬ මැයෙන් ත්‍රස්ත පනතට එරෙහිව ඊයේ (09) සවස කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එකාබද්ධ ප්‍රකාශයක් එළි දැක් වු අතර පෙත්සමක් ද අස්සන් කරන ලදී.

ආණ්ඩුව ත්‍රස්ත පනත යොදා ගනිම්න් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගෙන යන මර්දනයට එරෙහිව පෙත්සම අස්සන් කිරීම හා එකාබද්ධ ප්‍රකාශන එළිදැක්විම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කර තිබුණි .

මෙම අවස්ථාවට විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස , ෆිල්මාෂල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෙන්සේකා , හතලිස් තුනේ බලකායේ සරත් පරණවිතාන, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙද්‍ය නලින් ජයතිස්ස ,සමාජවාදී පක්ෂයේ නායක මහින්ද දේවගේ , එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ ව ෘත්‍තීය සමිති හා බහුජන නායකයන් හා නියෝජිතයන් සහභාගි වි සිටියහ .

මෙම අවස්ථාවට ගාලුමුවදෝර අරගලකරුවන් පිරිසක් ද සහභාගි සිටි අතර අරගලකරුවන් නියෝජනය කරම්න් ජිවන්ත පියතුමා ඇතුළු අරගලකරුවන් පිරිසක් පෙත්සමට අස්සන් කළහ.

(ඡායාරෑප – ශාන්ත වි‌‌‌‌ජේසූරිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *