අවුරුදු 200යක් රටට කැබුරූවාට තමන් ගේ භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න අයිතියක් නැහැ
වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය රෝටි බවත් පාන් පිටි ඉහළ (කිලෝව රු: 500 යි ) යැම නිසා රෝටි කන්නට බැරි තත්වයක් උද්ගත වි ඇති බවත් වතුකරයේ ජනතාව දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙන ජනතාවක් බවින්, ඔවුන් කෙරෙහි දැඩි අවධානයක් රජය යොමු කළ යුතු බව කරිටාස් ආයතනයේ අධ්යක්ෂ ඩෙස්මන් පෙරේරා පියතුමා පවසයි.
පියතුමා එසේ පැවැසුවේ වතුකරයේ සිටික් ආයතනය මගින් සංවිධානය කළ වතු ප්‍රජාවගේ ජිවිත ආලෝකමත් කරමු මැයෙන් පැවැති වැඩ සටහනට සහාභාගි වෙමින්ය.
ඉන්දිය රජය මගින් වතුකරයේ ජනතාවට බෙදා දෙන්න දීපු බඩුමල්ල නිසි ලෙස ලබා දී නැති බවත් කීදෙනෙකුට දුන්නා ද යන්න ගණන් හිලව් නැතැයි කී පෙරේරා පියතුමා වතුකරයේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවත් පැවැසීය.
වතුකරයේ කාන්තාවකට හදිස්සියට යන්න වැසිකිලියක් නැහැ . වතුකරයේ ජනතාව කියන්නෙත් මනුෂ්‍යයෝ.
වතුකරයේ ජනතාව මේ රටට අරගෙන ඇවිල්ලා අවුරුදු 200 වෙනවා. මේ අය වගේම ඔවුන් ගේ මුතුන් මිත්තෝ ද ජිවත් වුණේ දැඩි දුෂ්කර තත්වයන් යටතේ . ඔවුන් ගැන රජයේ අවධානම යොමු විය යුතු බව පෙරේරා පියතුමා පෙන්නලා දුන්නා
අද වතුකරයේ ස්ත්‍රී දුෂණ වගේම මිනිස් ජාවාරම් දවැඩි වෙලා. මේ ජනතාවට ලංකාවට අරගෙන ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා. නමුත් එගොල්ලන් ගේ දරුවන්ට ඔවුන් ගේ මව් භාෂාවෙන් අධ්‍යාපන ලබන්න අයිතියක් නැති නැහැ.
විශේෂයෙන් ගාල්ල මාතර සහ කළුතර යන ප්‍රදේශ වල ජිවත් වන වතුකර ජනතා මේ ප්‍රශ්නයට දැඩිව මුහුණ දෙනවා. ඔවුනට ඔවුන් ගේ භාෂාවෙන් අධ්‍යාපන ලබන්න අනිවාර්ය අයිතියක් තියෙනවා. මේ රට පාලනය කළ සෑම රජයක් ඔවුන් ගේ ඒ අයිතිය උල්ලංඝණය කරලා.
වතුකරයේ දෙමළ ජනයා මේ රටෙ ආර්ථීකයට විශාල සේවයක් කළ ජනතාවක් නමුත් අයිතිවාසිකම් අහිම් පිරිස වතුකරයේ දෙමළ ජනතාව.