උස්ස පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමයි
2022 වර්ෂයේ පැවැත්විමට තිබු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් සඳහන් කරයි.
2022 වසරේ පැවැත්වීමට තිබු උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවරි 13 දක්වා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර ඇත.
පහේ ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 දක්වා කල් දමා තිබේ.
ගල් අගුරු මගඩිය
සොයා බලන්නට කෝප් කමිටුව සැරසේ.
අන්දෝලනයට තුඩු දී ඇති ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීමටත් ඊට සම්බන්ධ වු පාර්ශ්වයන් කැදවීමටත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තිරණය කර ඇත .
රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටු දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාව පිළිබඳවත් එම කමිටු සමාජිකයින් ගේ අවධානයට ලක් වි තිබේ .
කමිටු සමාජිකයින් මේ ගැන සාකච්ජාව කර ඇත්තේ ,ඊයේ (07) පාර්ලිමේන්තු සංකිරණයේ රැස් වු අවස්ථාවේදීය .
මෙම කමිටුවේ සභාපති ධුරය හොබ වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින්ය .
හෂාන් ජිවන්ත නිදහස්
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ නීති විරෝධීව දින 50 කට ආඩන්න කාලයක් රඳවා තබා ගෙන සිටි අරගලකරුවෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන හෂාන් ජිවන්තව තංගල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (07) නිදහස් කළේය .
ජිවන්තව අත්අඩංගුවට ගන්නා ලද්දේ , ආණ්ඩුවේ
මර්දනයට එරෙහිව අගෝස්තු 18 ට කොළඹ පැවැති විරෝධතා උද්ඝෝෂණය අවසන් වි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලි ගේ සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීය .
මෙම උද්ඝෝෂණයේ දී සිරි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු සිරි ධම්ම හිමි ද අත්අඩංගුවට ගන්නා ලදී .
හ