සාමකාමී පාගමනට බධා කළා යැයි උසස් පොලිස් ‌නිල දෙකකට සිතාසී

ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් ඩයස්ට සහ සහාකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක්ෂට ලබන 08 වෙනිද්‍ර අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි ඊයේ (21) සිතාසි නිකුත් කර ඇත .

සිතාසී නිකුත් කළේ , ජනමාධ්‍යවේදින් ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන ගොනු පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අද (21) කැදවු අවස්ථාවේදීය .

ගාලුමුවදෝර සිට අලුත් කඩෙි නීතිඥ සංකිරණය දෙසට ගමන් කළ පෙළපාලිය නතර කරමින් අයුතු අවහිරයක් කළ බව එම පැමිණිල්ලෙන් ආද්‍රළ පොලිස් නිලධාරීන් දෙදනාට චෝදනා එල්ල කර තිබෙි .

පැමිණිකරු වෙනුවෙන් ජනාාධිපති නීතිඥ සාලිය පිරිස් ,නීතිඥ මනුජද සිල්වා සහ නීතිඥ දෙහියන්ත ගේ කරුනු දැක්වුහ .

ඔක්තෝම්බර් 09 පොලිසියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව නිතිඥයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම විරෝධතා පා ගමන ඔක්තෝම්බර් 10 වෙනිදු සවස 3.00 ආරම්භ වන බව කොටුව ස්ථානාධිපතිවරයාට ඊට පෙර දිනයේ රාත්‍රියේ දැනුම් දුන් බව ජනාධිපති නීතිඥ සිලිය පිරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය .

පලමු හා දෙවන චුදිතයන් වන උසස් පොලිස් නිලධාරීන් දෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිට මෙහෙ වු බව ජනාධිපති නීතිඥ පිරස් පෙන්නා දුන්නේය .

විරෝධතාවය ගැන කලින් දැනුවත් කර තිබියදිත් විරෝධතාවය නතර කරන්නැයි අධිකරණයෙන් කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේ කර තිබියදිත් මෙම නිලධාරින් දෙදනා ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ජනාධිපති නීතිඥ පිරිස් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *