මත්ද්‍රව්‍ය නිලධාරීන් හොරාට කලින් වැට පනි

අන්තෝනි සමන්ත ගමගේ ප්‍රීති කුමාර වන තමන්ගේ ස්වාමී පුරුෂයාව පැහැරගෙන ‌ගොස් පහර දි ඝාතනය කළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් නිලධාරීන් බවත් සිදු වු බරපතළ අසාධාරණයට යුක්තිය ඉෂ්ට කර දෙන ‌මෙන් ඉල්ලා සිටින බව කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝජනා අබේවික්‍රම ඉදිරියේ අද (20) නඩුව කැද වු අවස්ථාවේ මරණකරුගේ බිරිද වන ටිකිරි හැන්දිගේ ශීරාණි දිල්රුක්ෂි ප්‍රියදර්ශනි සාක්කි දෙමින් පැවසුවාය .

අද සමන්ත බිරිදගෙන් සහ ඔහුගේ මව වන ඩොලි හේමලතාගෙන් සාක්කි කැදවන ලදි .

සමන්ත කුමාර වන තම පුතාගේ මරණයට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සම්පුරණයෙන් වතකිව යුත් බවත් ඒම අපරාධකරුවන් ීීීී හමුවට පමුනුවා තම දරුවාට යුක්තිය ඉෂ්ට කර දෙන ලෙසත් ඇය සාක්කි දෙමින් කිවාය .

සමන්ත කුමාර පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි මරා දැමු බවට සැක කරන මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරික්ෂක තිලංග ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනි වුන්හ. ඹවුන් අද අධිකරණය හමුවේ පෙනි සිටියේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත මරදාන පොලිසි මගින් සාක්කි දිම සදහා කරන ලද කැදවුමකට අනුවය . ‌මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටියේ නීතිපති දෙපාර්මේන්තුවේ නීතිඥයින් නොව සැකකරුවන් විසින් පෞද්ගලිකව මුදල් ‌ගෙවා ලබා ගත් නීතිඥ මණ්ඩලයක් පෙනි සිටියහ .

වැඩිදුර සාක්කි කැදවිම පෙබරවාරි 03 ‌වෙනිදාට කල් දමන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

විමර්ශන නිලධාරීන් අධිකරණට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සැක බව සදහන් කරුණු පල වි ඇත් බැවින් එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රාජිත ලක්මාල් ඇතුළු නීතිඥ මණ්ඩලය ඉල්ලා සිටියහ .

මරදාන පොලිසිය අපරාධය සම්බන්ධයෙන් නඩුවකුත් (1360/230 මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමන්ත එරෙහිව මත්ද්‍රව්‍ය ලග තබා ගත්තැයි නඩුවකුත් (1602/23) වශයෙන් ඉදිරිපත් කළ නඩු දෙකේ පරස්පරතාවයන් ඇති බවත් මරදාන පොලියෙන් ඉදිරපත් කර ඇති බි වාර්තාවේ අත්අඩංගුවට ගත් වෙිලාව 15.45 ලෙසත් නාකොටික් ඉදිරපත් කර ඇති නඩු වාර්තාවේ අත්අඩංගුවට ගත් වෙලාව15.05 ලෙසත් සටහන් වි ඇති බවත් සමන්ත අත්අඩංගුවට ගෙන රදවානෙ ප්‍රශ්න කළ ස්ථාථානය ලෙස 1360 /23 බි වාර්තාවේ සටහන් කර ඇත්තේ නෙළුම් කුලුන අසල බැරැක්කයේ වන අතර 1602/23 බි වාර්තාවේ ඔහුව අත්අඩංගුවට ගෙන රදවා සිටි ස්ථානය ලෙස දුම්රිය දෙපාර්මේන්තුවට අයත් කොච්චි පෙට්ටියක් බව සදහන් බව කි නීතිඥ ලක්මාල් ස්ථාන පරික්ෂණයෙදි සමන්තගේ මරණය සිදු ස්ථානය ලෙස මහේස්ත්‍රාත්වරියට පෙන්වා ඇත්තේ අඩක් හදන ලද අතහැර දැමු පාලු ස්ථානයක් බවත් පැවසීය. එම ස්ථානය පිළිබද සැක බවට මහේස්ත්‍රාත්වරිය නිරික්ෂණ වාර්තාවේ සදහන් කර ඇතැයි බවත් නීතිඥවරයා සිහිපත් කළේය .

අධිකරණ නියෝගයක් නොමැතිව සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිම හොරාට කලින් කෙසෙල් කැන වැටපැනිමක් බව නීතිඥ ලක්මාල් මාධ්‍ය හමුවේ පැවැසීය .

සමන්ත කුමාරගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රාජිත ලක්මාල් , ග්‍රීන් ආටිගල සහ ශ්‍රීනාත් ලියනගේ ‌යන අය පෙනි සිටි අතර ඥාතීන්‌ වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් සහ නීත්ඥ ප්‍රබෝධ රත්නායක පෙනි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *