තමන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් – රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුව ප්‍රඹුඛතාවය ලබා දී ඇත්තේ කඩා වැටි ඇති රටේ ආර්ථීකය ප්‍රකෘත්තිමත් කිරීම සදහා බවත් එමෙන් රට ආරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ඔ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි .

රටේ ආර්ථිකය කඩනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහි දිී විශ්වාසය පල කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර ප්‍රජාතනත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනගන බවට ද සහතික විය .රටේ ආර්ථීක ගැටලු විසදා ගැනීමත් සමග තවදුරට.ත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය තීන්දු තිරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද පැවැසීය .

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවැසු ජනාධිපති වික්‍රමසිංහ රටකට ප්‍රජාතන්ත්‍රවාදය සදහා පලමුව මහජන සාමය අවශ්‍ය බවත් ඒ සදහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *