අංක එකේ ත්‍රස්තවාදියා ජනාධිපති වික්‍රමසිංහ – නීතිඥ නුවන් බෝපගේ

රනිල්ගේ මෙහෙයවීම යටතේ ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වන්නේ්නේයෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ලා බවත් ඒ අය ත්‍රස්තවාදීන් බවත් ඒ ත්‍රස්තවාදීන්ට එරෙහිව අරගලය කළ යුතු බව නිතිඥ නුවන් බෝපගේ පැවැසීය .

මහජනයා ත්‍රස්තවාදීන්ට එරෙහිව නැගී සිටිම ත්‍රස්තවාදයක් නොව විප්ලවයක් බවත් රාජයට අපි අවනත වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන නිසා නොව රාජය ජනතාව ආරක්ෂා කරනවා නම් පමනක් බව නීතිඥ බෝපගේ කීය .

ඉදිරියේදි රට ආරාජික කිරීමට කවුරු හරි සුදානම් වුවහොත් ඒ අයට එරෙහිව උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති වික්‍රමසිංහ බරපතළ ප්‍රකාශයක් කර ඇතැයි කී නීතිඥ බෝපගේ මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය නොපවත්තා සිදු කරන්නේ රට ආරාජිකත්වයට ඇද දැමිමක් නොවේ දැයි නිතිඥ බෝපගේ වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කර සිටියේය .

ඔහු එසේ ප්‍රහ්න කර සිටියේ ත්‍රස්තවාදී පනත වැළැක්වීමේ පනත අහෝසී කරන්නැයි බල ඊයේ (21) කොළඹ පදනම් ආයතයේ පැවති සම්මන්ත්‍රණය අමතමිනි . එම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මගිනි.

මැතිවරණ කල් දැමීමට කටයුතු කරන වික්‍රමසිංහ රට ආරාජික කරන ඔිනෑම අයෙකුට එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කරන බවත් වික්‍රමසිංහට අනුව රට ආරාජික කිරීම ත්‍රස්ත ක්‍රියාවක් නම් , අංක එකේ ත්‍රස්තවාදීයා වික්‍රමසිංහ බව නීති බෝපගේ පැවැසීය .

රාජය බිහි වන්නේ පංති සමාජය ඇති විමත් සමග බවත් වහල් ,වැඩවසම් සහ ධනවාදි ‌දේපල සම්බන්ධතා වලට අභියෝග කළ වුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර මර්දනය කළා පමනක් ‌නොව මරා දැමු බව නීතිඥ බෝපගේ පෙන්වා දුන්නේය .

ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය .

ත්‍රස්තවාදියා යන්න කවුද යන්න සම්බන්ධයන් නිවැරැදි නිර්වචනයක් ඉදිරපත් කරලා තියෙන්නේ යුරෝපා සංගමය . එහි එක තැනක කියනවා ජනතාව බරපතළ ලෙස බිය ගැන්වීම . ඇත්තටම පසුගිය කාළේ ජනතාව බිය තැන් වුයේ කවුද? 1983 දෙමළ ජනයා සහසික ලෙස මර්දනය කළා . 1988-89 යේ ටයර් සෑයවල් දකුණේ තර්ණ -තරුණිය පුවස්සා දැම්මා .පැරා පිලිටරි කණ්ඩායම් ඇති කරලා සමාජ තුළ භිෂණයක් ඇති කළා . ඒවා තළේ කවුද? රාජය . එහෙනම් තුස්තවාදියා කවුද? රාජය .

යුරෝපා සංගමයේ නිර්වචනයට අනුව දැවෙන ආර්ථික සහ දේශපාලන අර්බුද නිර්මාණය කළේ කවුද? රාජය . ගැස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුණා . ගෑස් පෝලිම් වල සිටිය දි හෘදයා බාධ හැදිලා ජනතාව මිය ගියා . ඒ මිනිස්සු මැරුවේ කවුද රාජය .තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව අම්මලා නිල් වලා ගගට පනිනවා . ළමයින්ට කන්න දෙයක් නැති තැන කොස් කඩන්න ගිහිලා පසුගියදා අම්මා කෙනෙක් මැ‌‌රේනවා . ඒ අම්මලා නිර්මාණය කළේ කවුද? රජය . එහෙමනම් ත්‍රස්තවාද්යා කවුද? රජය .

පසුගිය කළේ සමාජ ව්‍යුහය බිද වැට්ටලා සමාජ අර්බුදයක් නිර්මාණය කළේ කවුද? රාජය . එහෙනම් ත්‍රස්තවාදීයා කවුද ? රාජය . එක්නෑළිගොඩ ,ලලිත් කුගන් අතුරුදන් කළේ කවුද? ලසන්ත ඝාතනය කළේ කවුද? 1989 තරුණයන් 60.000 ක් ඝාතනය කළේ කවුද? යුරෝපා සංගමයේ නිර්වචනය අනුව ත්‍රස්තවාදීයා කවුද? රාජය .

අන්තර් විශ්ව විද්‍යාල‌ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ පැහැරගෙන ගියේ නැද්ද? විනිශ්චයකාරතුමාගේ තිරණය අුනුව බොරු සාක්කි ගොතලා තියගෙන සිටිය නිසා තමයි ඔහුව නිදහස් කළේ . දේශපාලන උවමනා මත බොරු බී වාර්තා හදලා රදවා ගැනීම ප්‍රාණ ඇපයට තබා ගනීමක් නොවේද? ඒ අනුව අරගල කරන මහජනයා පැහැර ගන්නේ , අතුරුදන් කරන්නේ සහ ප්‍රාණ ඇපයට තබා ගන්නේ රාාජය . ඇත්තටම ත්‍රස්තවාදියා ඉන්නේ රාජය ඇතුළේ .

අපි ඉදිරිපිට තිබෙන අභියෝග මට කලින් කතා කළ සහෝද සහෝදරියන් පැහැදිලි කළා . ත්‍රස්ත පනත අඩුවැඩි වශයෙන් අහෝසී කළ යුතු කාරණය සමාජය තුළ තිබුණා . හැබැයි ඒ සටනට මෙතෙක් කල් අභිමුඛ වුණේ , ඒ සටන තමන්ගේ සටනක් කියලා මෙතෙක් සටන් වැදුණේ උතුරේ ජනතාව පමණයි .

ජිනිවා මානවහිමිකම සැසිවාරයට මට අන්තරය වෙනුවෙන් සහභාගි වන්න අවස්ථාවක් ලැබුණා . එහි දී මට දෙමළ ජනයා මුහුණ ගැහුණා . අවුරුදු 20 ඉදලා අපි ජිනිවා එනවා .අපි ජිනිවා වල අරගල කරනවා . ජිනිවා වල ලංකා ආණුඩුවට එරෙහිව මානව හිමකම කතා කළා ආණ්ඩුව නිව්යොක් ගියාට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අණසකට ගන්නවා . ජිනිවා වල මානවහිමිකම් කතා කළා සිද්ධ වන්නේ එවා පාවිච්චි කරලා ඒ රටවල් යටත් කර ගන්නවා .

මේ වෙන කොට මැතිවරණ සම්බන්ධයෙන් කතිකාවක් සමාජයේ තියේනවා .නැවත මැතිවරණයක් ැඅවශ්‍යය කියන ඉල්ලීම අතිශයින්ම වැදගත් . ඊට එකග වෙන ගමන් සම්ප්‍රදායිකව වුණා වගේ ත්‍රස්ත පනත , විධායක් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැනි සටන් පාඨ, හුද මැතිවරණ සටන් පාඨ නොකර ගතයුතුයි .සමස්ත සටන් ගොනුකර ගත් එක අරගලයක් අවශ්‍ය වෙනවා . ඒ ගාලුමුවදොර පන්නයේ අරගල භුමියක් .

සිංහල , මුස්ලිම් සහ දෙමළ ජනයා එකතු වෙලා කළ යුතු අරගලයක් තියෙන්නේ. ත්‍රස්තවාදියාගෙන් සමාජය බේරා ගන්නා සටනක් තියෙන්නේ . ඹවුන් විසින් නිමාරණය කළ ඔවුන් විසින් නිර්වචනය කළ කෲර පනත පරාජය කිරීීම සදහා පෙළගැසෙන්න කියලා ඉල්ලනවා . ඒ සදහා අපි එකතු වෙමු ! සටන් කරමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *