සලිදු සහ චින්තක රදවාගෙන ප්‍රශ්න කරයි

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) අලුයම මෙරටට රැගෙන ආ සලිදු මල්ෂික ගුණරත්න හෙවත් පානදුරේ සලිදු සහ නදුන් චින්තක හෙවත් හරක් කටා දින 90 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා නියෝගයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට පැවැසීය .

සැකකරුවන් මේ වන විටත් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ රදවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මැඩගස්කරයට ‌ගොස් සලිදු ගුණරත්න සහ නදුන් චින්තක මෙරටට රැගෙනවිත් තිබේ .

සලිදු ගුණරත්නව වහාම අධිකරණයහමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඔහුලේ මව වන ශිරාණි මල්කාන්ති ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය කල් ලබා දි ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැද වු අවස්ථාවේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය ‌සොලිස්ටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පෙනි සිටි අතර තම සේවාදායකයාට වරෙන්තු කිකිපයක් ඇති නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *