අන්තරයේ කැදවුම්කරු ඇතුළු 08ක් අත්අඩංගුවට

කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර, කැළණි විශ්ව විද්‍යාල ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ පැවැති විරෝධතා උද්ඝෝෂණයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍යයන් 08 දෙනෙක් පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (19) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තාවේ .
කැළණි විශ්ව විද්‍යාලයේ සිට පන්දම් අතින් ගත් සිසුන් මහ පාරට පැමිණිමත් සමග මෙසේ පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
කැළණි විශ්ව විද්‍යාල මහ ශීෂ්‍ය සංගමයේ සභාපති මුදන්නායක සහ හර්ෂණ අත්අඩංගුවට බන්ධනාගාරගත කර අද දින 140 කි.
මුදන්නායකට සහ හර්ෂණ ට ඇපදීමට නීතිපතිවරයා විරුද්ධ විමත් අත්තනෝමතිකව රදවා තබා ගැනීමටත් එරෙහිව එම විරෝධතාවය පවත්වා ඇත.