ඊනියා ආගමික සංහිදියාව මුවාවෙන් ආණ්ඩුව ප්රකාශනයේ සහ භාෂණයේ නිදහසට විලංගු දමයි
පසු ගිය දින ආගම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සිදු කරනු ලබන අදහස් ප්‍රකාශ කිරීම් වලට වික්‍රමසිංහ- රාජපක්ෂ ආණ්ඩුව රුකුල් දෙමින් , ආණ්ඩුවට එරෙහිව පැනනගින මහජන විරෝධය වෙනතැනකට හැරවීමට ආගම්වාදය අවුලන බවට විරුද්ධ පක්ෂය ආණ්ඩුවට චෝදනා කළේය .
කම්කරු පීඩිත මහජනයාගේ මුලික සමාජ ආර්ථීක ප්‍රශ්න විසදීමට අපොහොසත් රනිල් -රාජපක්ෂ ආණ්ඩුව නතාෂා එදිරිසුරිය සහ පුජ්‍ය සද්ධාරත්න සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ,ආගමික සංහිදියාව බාධා කරන කණ්ඩායම් පිළිබද සොයා බැලීමට සහ ක්‍රියාත්මක විමට විශේෂ පොලිස් ඒකකයක් පිහිටු වන්නැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රධානී , ජාතික ආරක්ෂාව පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක උපදෙස් දි ඇත.
මහජන ප්‍රශ්න වලට විසදුම් නැති ආණ්ඩුව ආගමික බිල්ලෙක් මවා මහජනයා ආගමික රේඛා ඔස්සේ බේදීමට කැසකවන බවට විපක්ෂය චෝදනා කරයි .
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුද්ධාගමට අපහාස කළා යයි කියන සිද්ධීය රට තුළ ආන්දෝලනාත්මක සිද්ධීයක් බවට පත් වුයේ ජනාධිපති වික්‍රමසිංහ දේවගැති ප්රනාන්නදු පිළිබද සොයා බලා වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයත් සමගය .
ප්‍රනාන්දු රාජපක්ෂ රේජීමයේ සහ මෙරට දේශපාලනඥයන්ගේ සමීපතමයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයින් අතර විශාල ආධිපත්‍යයක් හිමි දේවගැතිවරයෙකි . ප්‍රනාන්දුට ධනකුවේරයන් , ඉහල මධ්‍යම සහ මැද මධ්‍යම පාන්තිකයන් අතර ද විශාල පදනමක් සහ පිළිගැනීමකට පාත්‍ර වු දේවගැතිවරයෙකි .ඔහු ආගම් සම්බන්ධයෙන් කළ පලමු විවේචනය මෙය නොවන අතර මීට පෙර ද මේවැනි විවේචනයන් සිදු කර ඇත.
“භානුක රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වි ඇමරිකාවේ යන්නට උත්සහ කළ අවස්ථාවේ ඔහුගේ ගමන වළක්වා රාජපක්ෂව මෙරට තබා ගත්තේ තමා බවත් ආසියානු කුසලානය ජයග්‍රහනය කළේ දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් බව” රාජපත්ෂව සහ ඔහුගේ බිරිද ඉදිරියේ දේවගැතිවරයා යාඥා කරමින් පවසයි . දේවගැතිවරයා රාජපක්ෂට යාඤ්ඤා කරද්දී විශාල මධ්‍ය පාන්තිකයෝ පිරිසක් ඔහුගේ සුරංගනා කතා වලින් මත් වි ඔල්වරසන් දෙන විඩියා්වක් අන්තර්ජාලයේ හුවමාරු විය .
ආසියානු කුසලානය දිනා ගත්තේ දේවගැතිවරයාට අනුව ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ නොව දේවියන් වහන්සේ ආශීරුවාදය මතය .දේවගැතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා ලෝලියෙක් හෝ ක්‍රීකට් ආයතනය හෝ දේශපාලඥයන් හෝ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් හෝ වගේ වගක් නැති සිටියහ . ක්‍රීඩකයින් දුක් මහන්සි වි ලබාගත් පුහුණුවත් ඔහුන්ගේ දක්ෂකම් සහ කැපවීම දේවියන් වහන්සේ ගේ ආශීර්වාදයක් සේ හුවා දැක්වීම ක්‍රීඩකයින්ව හැල්ලුව ලක් කිරීමකි . අනෙක් පැත්තෙන් මිනිස් ශ්රමයට කළ නිග්රහවක් වන අතරම සුරා කැම වසන් කිරිමට දරණ ප්රයත්නයකි .
දේවගැතිවරයා ක්‍රීඩකයින්ව හැල්ලුවට ලක් කළා හැයි කියා ඔහු දඩුකදේ ගැසීම සිදු වන්නේ සංවිධානාත්ක මෙන් අසවිධානාත්මකව ඊට එරෙහිව තත්වයන් වර්ධනය විමය . ඊනියා සර්වාගමික නායකයගේ චණ්ඩි පාට් වලට භය වු දේවගැතිවරයා බෞද්ධයන් සහ හින්දු ආගමිකයින්ගෙන් සමාව ඇය ද සිටියේය . එහි රස්නය පහව යන්නටත් මත්තෙන් නතාෂා එදිරිසුරිය සහ සද්ධාරත්න හිමියන් ආගමික සංහිදියාව පළිදු කළා යැයි අත්අඩංගුවට ගෙන ඇත.
ආර්ථික අර්බුදයෙන් ගැලවිමට ආණ්ඩුවට බිල්ලෙක් අවශ්‍යව ඇත . ආගමික සංහිදියාවට මුවා වි ආණ්ඩුව බිල්ලෙක මවමින් සිටියි . ඊනියා ආගමික සංහිදියාව ආරක්ෂා තරන මුවාවෙන් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ප්රගතිශීලි සහ විප්ලවිීය අංකුර මරා දැමීමේ උත්සහායකය .
ආගම් ප්‍රශ්ණ වල එල්ලෙන්ට යැමෙන් සිදු වන්නේ පංති ප්රශ්නය යට ගැසීමට ධනපති පාලකයන්ට සහයෝගය දැක්විමක් වන අතර ආගම් වල සමාජීය මුල් සමුලඝාතන කර දැමීය හැක්කේ ඊට පැවතිය හැකි සමාජ ආර්ථික පදනම් අතුගා දැමිමෙන් පමණි .