ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සිංහල පාලක ප්‍රභු පන්තියට ජාතික ප්‍රශ්නය විසදීමේ අවංක උවමනාවක් නැහැ -මහාචාර්ය ජයදේව උයන්ගොඩ
සිංහල ප්‍රභු පාලක පන්තිය දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් පමණක් නොව සිංහල ජනතාවගෙන් ද සමාව ගතයූතු බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.
ඇයි සිංහල ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ , 83 න් පස්සේ ලංකාවේ සිදු වුණු අතිශයයින්ම ප්‍රචණ්ඩ ජනවාර්ගික ගැටුමේ ජනවාර්ගික යුද්ධයේ වින්දිතයන් වුණේ දෙමළ ,මුස්ලාම් ජනතාව පමනක් නොවෙයි මුළු සමාජයම වින්දිතයන් බවට පත් වු බව මහචාර්ය උයන්ගොඩ පෙන්වා දෙයි
මහාචාර්යවරයා එසේ පෙන්වාදුන්නේ ජුලි ( 23) වනදා ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයේ “කළු ජුලිය තවම කළුද ?” යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමින්ය .
මේ දින වල ජනාධිපතිතමා 13වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා .13 වන සංශෝධනයෙන් 83 ජුලි 23 වනදා ඇති වු කළු පැල්ලම සෝදා හරින්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහට මහතාට බලවත් අධිෂ්ඨානයක් .තියෙනවා ද? කියලා පුළුවන් වෙතැයි තමා නොසිතන බව කී මහාචාර්යවරයා දෙමළ සමාජයට සිංහල පාලක ප්‍රභු පන්තිය ගැන විශ්වාසයක් නැහැ .සිංහල ප්‍රභු පන්තිය හැම විටම උත්සහා කරලා තියෙනිනේ , දෙමළ ඇතුළු සුළු ජන කොටස් වල දුක්ගැනවිලි සහ සමානත්ව ප්‍රශ්න ඔවුන්ගේ වාසීයට යොද ගැනීම බවත් පැවැසීය
මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය
අවස්ථා කිපයකදී පොත් මිල ගැනීම සදහා සමසමාජ පක්ෂ මුලස්ථානයේ පහල මාලයට ඇවිල්ලා තියෙනවා . සමසමාජ පක්ෂ කාර්යාලයේ තරප්පු පෙළ නැගලා උඩ ආ පලමු අවස්ථාව තමයි මේ .
වාමාංශික සමසමාජවාදී දේශපාලනය කරද්දී පමනක් නොව ධනපති ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන තහවුරු කිරීමටත් ලංකා සමසමාජ පක්ෂය විශාල කාර්ය භාර්යක් කළා .ලංකාවේ ප්‍රතිශීලි ව්‍යාපාරයේ තුළ වඩාත්ම බුද්ධිය බලපෑමක් ඇති කළ ව්‍යාපාර අතර පෙරමුණ ගත්තේ සමසමාජ පක්ෂයයි .
ගිය අවුරුද්දේ ක්‍රේම්බිච් විශ්ව විද්‍යාලයේ වෙළුම් දෙකකින් සමන්විත විශාල පොත් දෙකාක් පල වුණා. ලෝකයේ සමාජවාදී පක්ෂ ගැන . මට ආරාධනා කළා ලංකා සමසමාජ පක්ෂය ගැන පරිච්ජේදයක් ලියා දෙන්න කියලා . මම ඉතා සතුටින් ඒ පරිච්ජේදය ලියලා දුන්නා. එක දැන් පලවෙලා තියෙනවා .
සමන් සී ලියනගේ සහෝදරයා මට දුන්න මාතෘකාව තරමක් සංකීරණ මාතෘකාවක් . වචන තුනයි තියෙන්නේ . නමුත් එමගින් බොහෝ දේවල් කියවෙනවා. කළු ජුලිය තවමත් කළුද? කල්පනා කළහාම ප්‍රධාන අර්ථ දෙකාක් තියෙනවා . එකාක් නම් කළු ජුලිය තවම කළු නම් එම කළු බව නැති කරන්නේ කෙසේද?මා හිතන විධියට එය පහසු කාර්යක් නොවෙයි. ඒසදහා පියවර කීපයක් ගත යුතුව තිබෙනවා . මම ඔබ කියන දේට එකග වෙවනවා .
පලමු පියවර තමයි සිංහල ප්‍රභු දේශපාලන පාලක පන්තිය දෙමළ ජනතාවගෙනුත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් සමාව ගත යුතුයි . 1983 කළු ජුලිය සහ ඉන් පසු ඇති ක්‍රීයාවලිය සම්බන්ධයෙන් . චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධුරයට පත් වුණා . සමසමාජ පක්ෂයත් කොමියුනිස් පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා පොදුපෙරමුණු ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යක් වුණා , 1983 කළු පැල්ලම ගැන නැවත් හැරි බැලීමට උත්සහයක් ගත්තා . මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දෙමළ ජනතාවගෙන් සමාව ගත්තා . නමුත් ඒ ක්‍රියාවලිය ඒතැනින් නතර වෙලා තියෙනවා .
ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ නැවත 83 නේ සිංහල සහ දෙමල කණ්ඩායම් දෙක අතර තිබු ප්‍රචණ්ඩ සම්බන්ධතාවය නැවත අලුත් කරන දේශපාලන මතවාද විශේෂයෙන් සිංහල දේශපාලනය තුළ අධිපති මතවාදය බවට පත් වෙලා තියෙනවා .
මම හිතනවා එක පැත්තකින් අපේ රටේ පාලක පන්තිය විශේෂයෙන් සිංහල පාලක පන්තිය දෙමළ ජනතාවගෙනුත් මුස්ලිම් ජනතාවගෙනුත් සිංහල ජනතාවගෙනුත් දෙමළ ජනතාවගෙනුත් සමාව ගත යුතුයි . ඇයි සිංහල ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ , 83 න් පස්සේ ලංකාවේ සිදු වුණු අතිශයයින්ම ප්‍රචණ්ඩ ජනවාර්ගික ගැටුමේ ජනවාර්ගික යුද්ධයේ වින්දිතයන් වුයේ දෙමළ ,මුස්ලාම් ජනතාව පමනක් නොවෙයි මුළු සමාජයම වින්දිතයන් බවට පත් වුණා . තවම අපට බැරි වෙලා තියෙනවා ගොඩ එන්න .
මේ දිනවල ඔබ දන්නවා අලුත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා 13 වන සංශෝධනය බලාත්මක කිරීමට . ඒතුමාගේ බලවත් අධිෂ්ඨානයක් තියෙනවාද ? කියලා , 13 වන සංශෝධනය මගින් 83 නේ කළු පැල්ලම සෝදා හරින්න පුළුවන් වෙයි කියලා . මම හිතන්නේ නැහැ එක පුළුවන් වෙයි කියලා. මොක ද දෙමළ සමාජයට විශ්වාසයක් නැහැ සිංහල පාලක ප්‍රභු පාලක පන්තිය ගැන . සිංහල දේශපාලඥයෝ හැම විටම උත්සහ කරලා තියෙන්නේ දෙමළ ජනතාව ඇතුළු සුළු ජාතීන්ගේ ඉල්ලීම් දුක්ගැනවිලි සහ සමානත්වය සදහා කරන ඉල්ලීම් තමන්ගේ දේශපාලන වාසියට යොදා ගන්න එක තමා ඔවුන් සෑම අවස්ථාවකම කරලා තියෙන්නේ. අදත් මම හිතන විධියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවංකවම අවශ්‍යයම නම් 13 න බලාත්මක කරන්න. මම හිතන්නේ එක සම්බන්ධ කළ යුතුයි. ඊලග මැතිවරණයෙදී දෙමළ ජනතාවගේ ජන්ද ලබා ගැනීමේ පටු අරමුණ ඉක්මවා ගිය , අපේ මාතෘකාව අනුව කළු ජුලිය තවම කළු බව අපේ රටේ ජනතාවගෙන් ඉතිහාසයෙන් ස්මරණයෙන් මකා දැමීමට අවශ්‍ය පියවර ගැනීමට. නමුත් මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ සිංහල දේශපාලන ප්‍රභු පන්තිය ඒ සදහා සුදානම් කියලා . ඒසේ සුදානම් නැතිනම් අපේ සමාජය කළ යුත්තේ කුමක්ද? කියන ගැටලුව අප ඉදිරියේ තිබෙනවා .
සමසමාජ පක්ෂය ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වාමාංශික මාක්ස්වාදී සමාජවාදි දැක්මක් සහ විග්‍රහයක් ඉදිරිපත් කළ පක්ෂයක් . අපි දන්වා ඒක කාලයක් තුළ සමසමාජ පක්ෂය මාක්ස්වාදී සහ වාමාංශීක දැක්මෙන් ඉවතට ගිහිල්ලා සිංහල ජාතිවාදී දැක්මටත් යට වෙලා හිටියා .විශේෂයෙන් 1966න් පස්සේ 1970 ගණන් මැද වෙනකම් වගේ .නැවත වරක් 1990 ගනන් වල දි ලංකා සමසමාජ පක්ෂයත් කොමියුනිෂ්ට් පක්ෂයත් ලංකාවේ ජාතික ගැටළුව පිළිබද ප්‍රගතිශීලි වාමාංශීක සහ මාක්ස්වාදී සමාජවාදී ස්ථාවරයට නැවත ගමන් කළා .
1980 ගණන් වල මැද භාගය වන විට ජනවාර්ගික යුද්ධය උත්සන්න වීම තුළ ලංකාවේ ජනවාර්ගික ගැටළුව ජනවාර්ගික යුද්ධයකින් නොව දේශපාලන මාර්ග වලිනුත් විසදීමට උත්සහ ගත යුතුයි. ඒකම කල්පත්වනා විකල්පය වන්නේ යුද්ධමය විසදුමකින් නොව දේශපාලන විසදුමක් කියන ස්ථාවරය නැවත ඉතා ප්‍රබල ඉදිරිපත් කළා සමසමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් . .මේ වෙනස වුනේ 1987 -88 දී . තවමත් සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ පොඩි පොඩි පිළිපැනීම් සිදු වුනත් මුලික වශයෙන් එම ස්ථාවරයේ ඉන්න බවයි මගේ වැටහීම .
ජාතික ප්‍රශ්නය විසදනවා කියන්නේ කුමක්ද? වාමාංශික සම්ප්‍රදාය තුළින් අප ඉගනගෙන තියෙන එක දේයක් තමයි ජාතික ප්‍රශ්නය නොයිසිදී තිබිම. අපේ ගේ වැනි සමාජවල පමණක් නොවෙයි දියුණු ධනවාදී යුරෝපීය සමාජවලත් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය මාක්ස්වාදී භාවිතාවෙන් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පුර්ණ නොවිමේ ප්‍රතිළුලයක් තමයි ජාතික පිඩනයමතු වන්නේ . මාක්ස්වාදී සාහිත්‍යයේ විශේෂයෙන්ම ලෙනින් ට්‍රොට්ස්කි සාහිත්‍යයේ සැහෙන දුරට තියෙන තර්කයක් ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීම කියන එකෙන් අදහස් වෙනවා බහුවාර්ගික බහු සංස්තෘතික සමාජයක් තුළ කොහොමද මේ හැම ජන කොටසකටම සමානත්වය ආණ්ක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් දේශපාලන භාවිත තුළ පරිපාලනය තුළ ඒ විතරක් නොවේ ජනවාර්ගික සම්බන්ධතා තුළ කොහොම ද හඩ නගන්නේ මේ සමානත්වය කියලා . ඒතොකොට ප්‍රාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රීය විසදුම් තියෙනවා . එක තමා ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කොටසක් ප්‍රජාතන්ත්‍රවාදයේ පරිවර්තයක් විධියට සමාජවාදන් සලකන්නේ ජාතික ප්‍රශ්නය විසදීම .
ජාතික ප්‍රශ්නය කියන වචනය තියෙන්නෙත් වාමාංශීක ,මාක්ස්වාදී භාෂාවේ පමණයි . ලිබරල් දේශපාලන භාෂාවේ . න්‍යායේ ජාතික ගැටළු කියලා ඒකාක් සදහන් වන්නේ නැහැ . වමේ ව්‍යාපාරය තුළ ලංකාව තුළ පමණක් නොව ලෝක මට්ටමෙන් මේ නුතන සමාජ වලත් තිබෙනවා බාහුවාර්ගික සමාජවල ජනවාර්ගික කණ්ඩායම් සමග තිබෙන ජාතික ගැටුම් පිළිබදව ඉතාම වැදගත් විග්‍රහයක් සිදුවෙලා තිබෙනවා වාමාංශීක දේශපාලන සාහිත්‍ය තුළ.
සමසමාජ පක්ෂයේ උරුමයේ තියෙන එක පැත්තක් තමයි ඒ. ඔබලාට මතක ඇති 1944 දී ලංකා කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා ජාතික සංගමයට ඒහි ලේකම්වරයා හිටපු වෛද්‍යලිංගම් යෝජනාවක් ඉදිරිපත් කළා ඒ වේලාවේ ඒයෝජනාව ඉදිරිපත් කළේ ජාතික ප්‍රශ්නය විසදන්නේ කෙසේද කියලා. ජාතික ප්‍රශ්නය විසදීම සදහා 1944 කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවල තිබුණා. දෙමළ ජනතාව වෙනම ජන කණ්ඩායමක් ලෙස පිළිගැනීම සහ ඒ මත පදනම මත ලංකාවේ රාජයේ ව්‍යුහය වෙනස් කිරීම අවශ්‍යය කියන එක .ලංකාවේ රාජයේ නැවත සකස් කිරීමක් අවශ්‍යය කියලා. ජාතික මට්ටමෙන් බලය බෙදාහැරීමක් අවශ්‍යය කියලා. සමසමාජ පක්ෂ 1944 ගණන් වල ඒවැනි ස්ථාවරයක් ඉදිරිපත් කළේ නැහැ. 1944 සමසමාජ පක්ෂයේ අවධානය යොමු වෙලා තිබුණේ වෙනත් කරුණු ගැන . විශේෂයෙන් කම්කරු පන්තියේ අයිතිවාසිකම් ගැන .සමසමාජ පක්ෂය ජාතික ප්‍රශ්නය ගැන අවාධානය යෙමු වන්නේ 1956 පස්සේ .
සමසමාජ පක්ෂයේ ජාතීන් අතර සමානත්වය පිළිබද ඉදිරි දර්ශනය ඉතාමත් ප්‍රබල ලෙස මතු වුණේ . 1956 සිංහල පශ්චාත් යටත්විජිතවාදී සිංහල ජාතිකවාදී දේශපාලනය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයක් මතු වුණාම ,සිංහල භාෂාව පමණක් රාජය භාෂාව කරන්න කියලා යෝජනාවක් ආවා. කොල්වින් ආර් ද සිල්වා ප්‍රසිද්ධ ප්‍රකාශය, එක භාෂාවක් නම් රටවල් දෙකාක් භාෂා දෙකාක් නම් එක රටක් . ඒක ඇවිල්ලා ඉතා වැදගත් ප්‍රකාශයක් .සමසමාජ පක්ෂය විසින් ජනවාර්ගික සමානත්වය සදහා ඉදිරිපත් කළ කල්පවත්නා දායකත්වය සකේතවත් කරන ප්‍රකාශයක් තමා කොල්වින්ගේ ප්‍රකාශය. එම ප්‍රකාශය අදත් බොහෝ දෙනා උපුටා දක්වන ප්‍රකාශයක් . ලකොවේ ජාතික ප්‍රශ්නය විසදීමට සිංහල දේශපාලන ප්‍රභු පන්තිය කිසිම අවස්ථාවක ලැස්ති වෙලා තිබුණේ නැහැ දෙමල ජනතාවට හෝ සුළු ජාතික කොටස් වලට සමානත්වය හෝ සාධාරණත්වය ලබාදීමට . ඔවුන් හැම විටම කල්පනා කළේ නිදහසෙන් පස්සේ ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජය ගොඩ නැගීය යුත්තේ ජනවාගික වශයෙන් ධුරාවලියක් පවතින විධියට .බහුතර සිංහල බෞද්ධ ජනතාව ඉහල ඉන්න සුළු ජාතීන් සුළු ජාතීන් විධියට සිටිය යුතුයි කියලා .
සුළු ජාතිය කියන්නේ දෙපැත්ත කැපෙන වචනයක් සුළු ජාතීන් කියන වචනයට අර්ථ දෙකාක් තිබෙනවා . එක අර්ථයක් තමා ජන ග්‍රහනයෙන් කුඩා කියන එක . අනෙක් කාරණය තමා දේපාලන බලයෙනුත් ආන්තිකරණයට ඒහෙමත් නැත්නම් පැත්තකට දාපු සුළු පිරිසක් කියන එක. සුළු පිරිසක් කියන්නේ සඃඛ්‍යාත්මක වශයෙන සුළු පිරිසක් කියන එක නොවෙයි. දේපාලන වශයෙනුත් අඩු හිමිකම තිබෙන පිරිසක් කියන එක . සමාන්‍යයෙන් ජාතික ප්‍රශ්නය විසදීමට වාමාංශය විසින් ඉදිරිපත් කළ ප්‍රබලම අදහසක් තමයි ජනවාර්ගික සමානත්වය කියන එක . ඔය අදහස් ලිබරල් දේශපාන න්‍යායේ හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා න්‍යායෙත් නැති එකාක් .ලිබරල් න්‍යායේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා න්‍යායේ සමානත්වය කියන එක තිබෙන්නේ පොදු පුද්ගලයන් අතර සමානත්වය. ජනවාර්ගික කණ්ඩායම් අතර සමානත්වයක් ලිබරල් න්‍යායේ නැහැ . ව්‍යවස්ථාමය න්‍යායෙත් නැහැ .ඒ නිසා තමයි ලංකාවේ ලිබරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උරුමයකින් එන කිසිම කෙනෙකුට දැනෙන්නේ තැත්තේ දෙමළ , මුස්ලිම් සහ කදුකර ජනතාවගේ කණ්ඩායම් අයිතිවාසිකම් . සාමුහික අයිතිවාසිකම් පිළිබද ගැටළුවට ආමන්ත්‍රණය කිරීමට තබා එම ගැටළුව තේරුම් ගැනීමට පවා නොහැකි වි ඇත්තේ .ඒනිසා තමා අපට වමේ ඉදිරි දර්ශනය ලංකාවේදී අත්‍යාවශ්‍ය වන්නේ, නොවිසිදී තිබෙන ජාතික ගැටළුව විසදීමට . එතැනදී අපට ප්‍රශ්න කිපයකට මුහුණ දෙන්න වෙනවා . ලංකාවේ අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තුමක්ද කියන එක .
ලංකාවේ අද තිබෙන්නේ අතිශයින් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක්.පාර්ලිමේන්තු ක්‍රමයක් තිබුනාට මැතිවරණ තිබුනාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තිබුනාට අපේ රටේ තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය සම්පුර්ණයෙන්ම තනි පුද්ගලයෙක් මත( විධායකය ) සම්පුර්ණ රාජය බලය කෙන්ද්‍රගත වන විධායක ජනාධිපති ක්‍රමයකට යට කරනු ලැබු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ තිබෙන්නේ.ලංකාවේ ඇත්ත වශයෙන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් නොව නිර්ලිබරල් හෙවත් අධිකාරීවාදී පාලනයකට යට ප්‍රජාතන්තුවාදයක් තියෙන්නේ .අන්න ඒ නිසාම තමයි සිංහල පාලක පන්තියට පුළුවන් කම ලැබිලා තියෙන්නේ දෙමළ ,මුස්ලිම් සහ කදුකර ජනතාවගේ සුළු ජාතීන් හැටියට ඔවුන් සතු දේශපාලන ඉල්ලීම් සහ දුක් ගැනවිලී තමන්ගේ බලය ලබා ගැනීමේ ක්‍රියා මාර්ග වල කොටසකට පමණක් ලඝු කරන්න .
වර්තමාන ජනාධිපතිතුමා නැවත වරක් 13 වන සංශෝධනය බලාත්මක කිරීමට කතා කරනවා . දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට එතුමා කැපවීමකින් ඉන්න බව පෙන්වනවා. මම රනිල් රාජපක්ෂ නොවෙයි ,මම රනිල් වික්‍රමසිංහ කියලා කියනවා. අපි එතුමාගේ එම කැපවීම ඇත්ත ද නැත්ත ද කියලා බලන්න තියෙන් එක පරික්ෂණයක් තමා ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබදව එතුමාට තිබෙන වැටහීම කුමක් ද කියලා . අපි එතුමාලෙන් ඇහුවොත් ඒගැන එතුමාට තිබෙන වැටහීම කුමක්ද කියලා ඒතුමා සමහර වේලාවට දෙන්නට පුළුවන් උත්තරය ද්‍රවිඩ ජනතාවට යම් යම් දුක් ගැනවිලි තිබෙන බව ඇත්ත .නමුත් ඒදුක් ගැනවිලි විසදීමේ ක්‍රියා මාර්ගයේ සිංහල ප්‍රභු දේශපාලන පන්තිය වන අපි යෝජනා කරන එකාක් පමණයි . සිංහල ප්‍රභු පන්තියෙන් එන යොජනාව තමයි එතුමාගේ යෝජනාව හැටියට ඉදිරිපත් කරන්නේ .ඒ නිසාම තමයි පුවත් පත් වල දකින්නට ඇති ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමග සාකච්ජාවේ දී එතුමා ඉන්දියාවට යන්නට පෙර කරපු සාකච්ජාවේදී විශාල මත ගැටුමක් වෙලා තියෙනවා . මොකද දෙමළ දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ සිංහල ප්‍රභු දේපාලන පක්ෂ විශ්වාස කරන්නේ නැහැ . විශ්වාසය පිළිබද විශාල පරතරයක් තියෙනවා . ඒතකොට වික්‍රමසිංහට සිදුවෙනවා මේ යථාර්තය පිළිගන්න . ඇත්ත වශයෙන්ම දෙමළ ජනතාවගේ නොවිසදුනු ජාතික ප්‍රශ්නය විසදීමට පියවර ගන්නවා නම් , ඒය කල්පවත්නා විසදුමක පියවරක් විය යුතුයි . කල්පවත්නා විසදුමක් ඇති කරන්නට නම් ඒතුමාට කරන්නට කාරණා දෙකාක් තියෙනවා කියලා මට හිතෙනවා .පලමු ඒක තමා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ වලත් දෙමළ සහ මුස්ලිම් සිවිල් සමාජ වලත් පුරවැසියන්ගේ දේශපාලන විශ්වාසය දිනා ගැනීම . ඒ විශ්වාස දිනා ගත යුත්තේ ඊලග ජනාධිපතිවරණයෙදී වැඩි ජන්ද ලබා ගැනිමට නොවෙයි .
අද ද්‍රවිඩ සමාජයත් එක්ක කතා කරන කෙට ගොඩක් දෙනෙක් ගේ මතය තමා සිංහල පාලක පන්තිය හැම වේලාවේම කරපු දේ තමයි අපේ රනිල් විකුමසිංහ මහතාත් අලුතින් කරන්නේ කියලා . ද්‍රවිඩ දේශපාලන පක්ෂ කතා කරන්නේ . ජනාධිපතිවරණයක් කිට්ටුවෙන කොට විසදුමක් ඉදිරිපත් කරනවා . ද්‍රවිඩ සමාජයේ අවුරුදු 70ක80 පමන විශ්වාසය භංගත්වයක ඉතිහාසයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මෙම ප්‍රශ්නය විසදීමට ඇත්ත වශයෙන් වගකිමෙන් ක්‍රියා කරන නායකයෙක් නම් ඒතුමා මේ ගැටවව අවබෝධ කරගත යුතුයි .සිංහල , දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකත්වය අතර විශ්වාසය බිදී යාමේ තත්වය තුළ කොහොමද දේශපාලන විශ්වාසය ගොඩ නගන්නේ කියලා . සිංහල සමාජයත් ද්‍රවිඩ සමාජයත් අතර ඒවගේම ද්‍රවිඩ සහ මුස්ලිම් සමාජයත් අතර සම්බන්ධතා අති විශාල ලෙස දුර්වල වෙලා තිබෙන පසුබිමක සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන නායකයෝ තමන්ගේ ජාතිකවාදී දේශපාලනය සදහා ගනිපු ක්‍රියාමාර්ග තුළ ඇත්ත වශයෙන් තවමත් තිබෙන්නේ මේ සුළු කණ්ඩායම් අතර විශාල අවිශ්වාසයක්. ඒ අවිශ්වාසය කොහොම ද නැති කරන්නේ , කණ්ඩායම් අතර අනනොන්‍ය විශ්වාසය දිනාගත හැක්කේ කෙසේ ද ඒවැනි විශ්වාසයක් ගොඩ නැගීමට පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගතයුතුයි . රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙනවා පියවරවල් ගණනාවක් ගන්න . ඒතුමා අවබෝධ කරගතු දේයක් තමා ජනවාර්ගික ඉතිහාසයෙන් ඉගනගත යුත් ප්‍රධාන පාඩම ඒ පාඩම තමයි ජනවාර්ගික කණ්ඩායම් අතර අනනොන්‍ය විශ්වාසය ඇති කිරීම සදහා අපේ සමාජය තුළ අලුත් දේශපාලන කතිකාවක් අලුත් දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම ප්‍රථමයෙන් කළ යුතුයි .
1994-95 යෙදී සමසමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් ඒකතු වෙලා හිටපු පොදුපෙරමුණු ආණ්ඩුව කාලයේ අපේ රටේ විශාල සංවාදයක් ගෙන ගියා . 1995 අගොස්තු එළි දක්වපු පැකේජය නමින් හදුන්වන දේශපාලන විසදුම සිංහල සමාජය වෙත ගෙන යෑමට දෙමළ සමාජය වෙත ගෙන යෑමට මුස්ලිම් සමාජය වෙත ගෙන යෑමට විශාල අධ්‍යාපන වැඩ සටහනක් ගෙන ගියා . එකට අපි ගොඩක් දෙනා සහභාගි වුණා .සමසමාජ පක්ෂයේ නායකයෝ ඇතුළු බොහෝ දෙනා ඉතා සක්‍රීය ලෙස ඊට සහභාගි වුණා . මොකද අපේ සමස්ත සමාජයම ජනවාර්ගික සමගිය සදහා දෙමළ මුසල්ම් සහ කදුකර ජනතාව සුදානම් කිරීමට නව ෙඒතිහාසික ගමනක ආරම්භයක් සදහා සමාජය සුදානම් කිරීමට අවශ්‍යයි.
ජනවාර්ගික ප්‍රශ්නය කියන්නේ තනි දේශපාලනඥයෙක් තමන්ගේ දේශපාන න්‍යාය පත්‍රයට ගැලපෙන විධියට විසදීය හැකි ප්‍රශ්නයක් නොවෙයි .1950 සිට මේ දක්වා දේශපාලන ඉතිහාසයෙන් ඉගන ගත යුත් වැදගත්ම පාඩමයි . දෙවැනි පාඩම තමයි මේක අපේ ජනාදිපතිතුමාට ඉතා වැදගත් වෙනවා ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්නයට අවශ්‍ය විසදුම් සදහා මුලික පදනමක් තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 1987 ඉදිරිපත් කළ 13වන සිංශෝධනය ජනාධිපති උනන්දුව දක්වන්නේ 13 වන සංශෝධනයට පළාත් සභාවලට පොලිස් බලතල ඇතුළු ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න . අපේ රටේ පළාත් සභාව අත්දැකිම් කොහොම ද ? පළාත් සභා ආරම්භ කළ අවධියේ සමසමාජ පක්ෂයේ බර්නාඩ් සොයිසා ඇතුළු සහෝදරවරු අවංකව වැඩ කළා .ඊට පස්සේ පළාත් සභා සුළු ජාතීක අයිතීන් ලබා දීම මෙන්ම සහ රාජ්‍ය පරිපාලනයේ හා ව්‍යුහයේ ප්‍රති සංස්කරණයේ කිරීමේ රාමුවක් හැටියට අන්ත පරිහානියට පත් වුණා .පළාත් සභා ගැන මහජන විශ්වාසයක් නැහැ . බොහෝ දෙනෙක් කියනවා පළාත් සභාවලින් විමධ්‍යගත වෙලා තියෙන්නේ දේශපාලනය නොවෙයි දුෂණය කියලා .
Great.