89ය අවුරුදු 34 කට පසුව නැවත මුණ ගැසෙයි
ජනතා විමුක්ති පෙරමුණ විසින් ධනපති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රුදුරු මර්දන පීළිවෙතට එරෙහිව 1988 හා 89 වර්ෂ වල සිදු කළ සන්නද්ධ අරගලයෙන් අවුරුදු 34 කට පසු එම අරගලයට විවිධ මට්ටම් වලින් සහභාගි වී ජිවිත බේරා ගත්ත හැටක (60) පමණ පිරිසක් පෙරේදා (13) ඩේවෝන් (Devon ) හෝටලයට රැස් වුහ .
“සහෘද සාමුහිකය “(Comrades Solidarity) ලෙසින්, මෙම සාදය හදුන්වා තිබු අතර එම පිරිස ඩේවෝන් හෝටලයට කැදවා තිබුණේ 89යේ සහෝදරත්වය මගින්ය .
මෙම සහෝදරවරුන් අතර පිරිසක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටින අතර තවත් පිරිසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධව සිටිති . එම ව්‍යාපාර දෙකම ප්‍රතික්ෂේප කරන පිරිසක් නිහඩ සිටින අතර 89 යේ පරම්පාරාවේ ලියුම්කරු ඇතුළු කිප දෙනෙක් පමණක් ජාත්‍යන්තරය මත පදනම් මාක්ස්වාදී විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් පොරබදිමින් සිටිති.
89 යේ සහෝදරත්වය වෙනුවෙන් ප්‍රිය ශාන්ත ,රුවන් නෙළුව ,විජේබණ්ඩාර ,චන්දන රත්නපාල සහ ගාමිණි රණසිංහ යන සහෝදරවරු විසින් එම සාදය මෙහෙවන ලදී .
මෙම සාදයේ බරපැන 89 යේ සහෝදරත්වයේ රන්ජන් සේනානායක (ස්විඩන් ) , රංජිත් පෙරේරා (කැනඩායේ ) සහ සාලිය(ඔිස්ට්රෙිලිාවේ ) යන සහෝදරවරුන් දරන ලද අතර එම සහෝදරවරු සාදයට සහභාගි වි සිටි සහෝදරවරුන්ව තාක්ෂණය ඔස්සේ ඇමතුහ .
ප්‍රිය ශාන්ත සහෝදරයා සාදය පැවැත්විමේ අරමුණ පැහැදිලි කිරීමෙන් පසු සභාවේ කටයුතු කරගෙන යෑම සදහා රුවන් නෙළුව සහෝදරයට මයික්‍රෆෝනය බාර කළේය .
89 යේ සහෝදරත්වය කියන්නේ ජවිපෙට හෝ පෙසපයට හෝ සම්බන්ධ නැති වෙනත් මතයක් දරණ සංවිධානයක් බවත් 88 හා 89 යේ සහෝදර ,සහෝදරියන්ගෙන් දේශපාලන ආස්ථානය හෝ ඔවුන් දැනට සිටගෙන සිටි පක්ෂය හෝ කණ්ඩායම ගැන නොතකා ආරාධනා කළේ එම සහෝදරවරු කෙරෙහි ඇති සහෝදරත්වය නිසා බවත් නෙළුව සහෝදරයා පැවසීය . අපි සහෝදරවරුන්ව මෙතැනට කැදවුයේ අර පක්ෂයට ජන්දය දෙන්න කියන්න නොවන බවත් 89යේ සහෝදරත්වය කියන්නේ මේ කිසිදු දේශපාලන පක්ෂයක කිහිලිකරුවක් නොවන බවත් අපේ එකම බාලාපොරොත්තුව වුයේ සහෝදරවරු අවුරුදු 34 කට පස්සේ නැවත එකින් එකා මුණ ගැස්සීම බවත් නෙළුව සහෝදරයා අවධාරණය කළේය . තවද ඔහු 89යේ හහෝදරත්වය මුලිකත්වයෙන් මහජනයාට අතර බෙදා දුන් ආධාර සහ සේවාවන් පිළිබදව පැමිණි සිටි සහෝදරවරුන් දැනුවත් කළේය.
නෙළුව සහෝදරයාගේ කතාව අවසනයේ ලියුම්කරුට කතා කරන්නැයි ආරාධනා කෙරිණ.
1971 කැරැල්ල, 89යේ අරගලය,කියන්නේ සමාජවාදයට කිසිදු සම්බන්ධයක් නැහැ . අපි සමාජවාදී කියන අදහසින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණාට , ඒ ව්‍යාපාරයට එහෙම දැක්මක් හෝ කම්කරු පන්තික ඉදිරි දර්ශනයක් තිබුනේ නැහැ. ජවිපෙ කියන්නේ ගැම් ගොවි තරුණයන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය මත පදනම් වු ව්‍යාපාරයයක් ම ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයයි. ජවිපෙ ගුරුවරු වුයේ ගොන්ගාලේගොඩ බණ්ඩා , පිදෙල් කැස්ත්‍රෝ ,මාඔ් සෙන්තුං ,ස්ටැලින් වගේ අය . 71 කැරල්ලෙන් ,89 අරගලයෙන් සිද්ධ වුණේ ධනපති පාලක පන්තියට කම්කරු පීඩිත මහජනයා මර්දනය කරන්න අවස්ථාවක් සලසාදීමක් . අපි සමාජවාදී විප්ලවය කියලා කර තිබෙන්නේ විප්ලවයට අඩ තැබීමක් . ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථා දෙකේ දීම කළේ ධනපති ආණ්ඩු පන්නා දැමීමට ඉදිරියට පැමිණි තරුණයන් ශිෂ්‍යයන් , මහජනයා පාලක පන්තියට ගොදුරු කළා .ජවිපෙ කියන්නේ ධනපති පන්තියේ ආරක්ෂයෙක් . ජවිපෙ තරම් ධනපති පාලකයොත් ධනපති පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නේ නැහැ .ජුලි 09 අවශ්‍ය නම් ජවිපෙට අනෙකුත් පක්ෂ සමග එකතු වුනා නම් බලය ගන්න තිබුනා . නමුත් ජවිපෙ කිවිවේ මැතිවරණයකින් බලය ගන්නවා හැර වෙනත් ක්‍රම වලට බලය ගන්නේ නැහැ කියලා . නොදුෂිත පුද්ගලයන්ගෙන් සහ කැපවිමෙන් ධනපති ක්‍රමය ගොඩදාන්න පුළුවන් කියලා ජවිපෙ විශ්වාස කරනවා .
71දි වගේම 89 දි ජවිපෙ තුළ වැඩ කළ සහෝදර සහෝදරියන් විශාල කැපවීමක් කළා වගේම මේ අවස්ථා දෙකේ දීම ලක්ෂයකට ආසන්න පිරිසක් රජයේ හමුදා විසින් මරා දැමුවා . සමහර අය වෛද්‍යවරු , ඉංජිනේරුවරු , පරිපාලකයෝ ,ගණකාධිකාරවරු ,විද්‍යාඥයෝ වෙන්න හිටපු අය . සමහරු විවිධ හැකියාවන් තිබුනු බුද්්ධිමත් තරුණ තරුණියෝ . ඔවුන්ට මේ සමාජයේ වරප්‍රසාදිතව ජිවත් වන්න හැකියාවක් තිබුණු පිරිසක් . නමුත් ඔවුන් තමන් ගැන නොසිතා මහජනයාගේ විමුක්තිය වෙනුවෙන් අරගල කළා . නායකයින් ඔවුන්ව වැදි මාවත රැගෙන ගියත් ඔවුන්ට කළ කැපවිම් වලට සහ පරිත්‍යාග වලට ආචාර කරනවා
රුසියාවේ නරෝද්දිනික් ව්‍යාපාරය කියන්නේ පුද්ගල ත්‍රස්තවාදය මත විශ්වාස තැබු ව්‍යාපාරයක් . ඔවුන් විශ්වාස කළේ සාර් ඇතුළු ඔහුට සහාය දෙන පිරිස් මරා දැමිමෙන් විප්ලවය ජයගත හැකි කියලා . වි .අයි . ලෙනින් සහෝදරයා වෝල්වෙයා ව්‍යාපාරය පිළිබද නිර්දය විවේචනයක් ඉදිරිපත් කරන ගමන් එම ව්‍යාපාරයට කැපවි වැඩ කළ සහෝදරවරු සම්බන්ධයෙන් කියනනේ මේ වැනි කතාවක් .
“නරෝද්දිනික් ව්‍යාපාරයට කැපවි වැඩ කළේ සමාජ වර ප්‍රසාද හිමි , මේ සමාජ ක්‍රමය ඇතුලේ වඩා සුඛෝපභෝගිව ජිවත් විය හැකි පිරිසක් . ඔවුන් ඒ සියල්ල කැප කළේ රුසියානු මහජනයාගේ විමුක්තිය වෙනුවෙන් . ඒ නිසා අපි ඔවුන්ට හිස නමා ආචාර කරනවා කියලා “
නුවර කියන්නේ සුද්දා එරෙහිව ප්‍රබල සටන් පැවති තැනක්. සුද්දා එනකොට ලංකාවේ හිටියේ ලන්දේසීන් . මුලින්ම ලන්දේසීන් එළවපු සුද්දා 1815 උඩ රට අල්ලා ගත්තා සුද්දා එරෙහිව ඊළග ප්‍රබල කැරැල්ල හට ගන්නේ 1848 . 1815 සුද්දා උඩරට අල්ල ගන්න පහසු වෙන්නේ රජු සහ රදළයන් අතර පැවති ආරවුල නිසා . රජු පලවාහැර රදළයෝ බලය අල්ලා ගත්තා නම් ලොකු දේයක් සිද්ධ වෙන්න නැහැ . රජු , රදළයෝ සහ පන්සල මිනිස්සුන්ව යටත් කරගෙන සිටියා පමණක් නොව සුරගෙන කෑවා .සමාජය කුල වශයෙන් බෙදලා තිබුණේ . සමාජ සංවර්ධනය පැත්තෙන් ගත්තොත් සුද්දා ලංකාවේ බලය අල්ලා ගැනීම වැරැදිද? මම කියන්නේ සුද්දා මෙතැනදී ප්රගතිශීලි කාර්ය භාර්යක් කරනවා කියලා .1815 වෙත් 1848 සුද්දාට එරෙහිව ගොන්ගාලේගොඩ බණ්ඩා , කැප්පෙටිපොල , විරපුරන්අප්පුලා සටන් කළේ පවතින සමාජ ක්‍රමය රැකි ගැනීම සදහා මිසක් වැඩවසම් ක්‍රමය බිද දමා වහල් භාවයෙන් ජනතාව නිදහස් කර ගැනීමට නෙවෙයි . හරියට අද ජවිපෙ වගේ . ජවිපෙ අද සටන් කරන්නේ ධනපති ක්‍රමය රාජපක්ෂලාගෙන් සහ රනිල්ලාගෙන් බේරා ගැනීමට . ගොන්ගාලේගොඩ බණ්ඩා , කැප්පෙටිපොල සහ වීපුරන්අප්පු අපේ ජාතික වීරයෝ විධියට සලකනවා . සටන් කිරීම වීර කමක් තමයි . හැබැයි ඔවුන් සටන් කළේ කුමණ එතෙිහාසික අවශ්‍යාවයක් සහ, කවර පන්ති උවමනාවක් සදහා ද යන්න වග විභාග කරන්න වෙනවා . ධනපති ක්‍රමය 1890 ගණන් වන තෙක් ප්රගතිශීලි කාර්ය භාර්යක් ඉෂ්ට කළා . අද ධනපති ක්‍රමයට ලංකාවේ ඇතුළේ පමණක් නොව ලෝක පරිමානවත් ඒවැනි කාර්ය භාර්යක් කරන්න බැරි තැනට ධනපති ක්‍රමය ඇද වැටිලා .
වැඩවසම් මිත්‍යාවට ,අවිද්‍යාවට සහ ගතානුගතිකත්වයට එරෙහිව විද්‍යාව ඇතිව ඉපැදුනු ආධනවාදය තමන්ගේ අර්බුදය හමුවේ වැඩවසම් පසුගාමීත්ය පමණක් නොව ස්ත්‍රී පුරුෂ භාවය , ජාතිය ,කුලය සහ ආගම පවා කම්කරු -පීඩිත ජනයා බෙදා වෙන් කිරීම සදහා ඉතාම නරුම ආකාරයෙන් යොදා ගනිමින් සිටිනවා .
1971 කැරැල්ල කියන්නේ සමාජයටත් හොරෙන් ගහපු කැරැල්ලක් .1988 ට සහ 89 අරගලය කියන්නේ ඉන්දියන් හමුදා ආක්‍රමණයට එරෙහිව මෙන්ම දෙමළ ජනයාගේ අරගලයට එරෙහිව පැනනැගුනු අරගලයක් .මේ අරගල දෙකටම කම්කරු -පීඩිත මහජනයාගේ පළල් සාහය ලැබුනේ නැහැ. 1953 හර්තාලය කියන්නේ මේ රටේ කම්කරු -පීඩිත මහජන ජනයාගේ පළල් සාහය ලැබුණු එතෙිහාසික අරගලයක් . ධනපති කැබිනෙට්ටුව ගොඩ බිම රැස් කරන්න බැරි වුණා . රැස්වුණේ මුහුද මැද නතර කර තිබු නිව්පවුලන්ඩ් නැවක . විදි බැහැලා සටන් කරපු කම්කරු -පිඩිත මහජනයාව සමසමාජ , කොම්යුනිස්ට් පක්ෂ නායකයින් බණ්ඩා සමග එකතුවෙලා ආපසු හරවලා යව්වා . 2022 ජුලි 09 වෙනිදා මේ රටේ සිදු වුයේ විප්ලවයක් . කම්කරු -පීඩිත ජනතාව ජනාධිපති මන්දිර ඇතුළු මන්දිර කිපයක් අත්පත් කර ගත්තා .අවශ්‍ය මග පෙන්වීම කළා නම් සියලුම මරමස්ථාන අල්ලා ගන්න තිබුණා . මහජනයා මන්දිර අල්ලා ගත්තේ ඔවුන්ගේ හිතුමතේට . ඒ අල්ලා ගත්ත මන්දිර දින පහක පමණ කාලයක් පාලනය කළේ ගෝඨාගම ඒකාබද්ධ කමිටුව නියෝජනය කළ කණ්ඩායම් සහ පක්ෂ විසින්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනවා ජුලි 09 වෙනිදා සිද්ධ වුණේ විප්ලවයක් නොව මහජන නැගිටිමක් කියලා . ඒ විතරක් නොවේ එගොල්ලෝ කියනවා මේ නැගීට්ම බහු පාන්තික නැගීටිමක් කියලා . අරගල කියන්නේ බහු පාන්තික තමයි . මේ අරගලය එක පන්තියක් පිළිබද ප්‍රශ්නයක් නොවේ .මේ අරගලය ඇතුළේ කම්කරුවෝ ගොවියෝ , තරුණයෝ ,ශිෂ්‍යයෝ , මධ්‍යම පාන්තිකයෝ සහ ඉහල මධ්‍යම පන්තියකන් ද නියෝජනය වුණා . ධනපතියෝ පවා සහයෝගය දුන්නා . පෙසපය වැරැදිලාවත් කම්කරු පන්තිය නායකත්වය ගත යුතුයි කියලා කියන්නේ නැහැ . මාක්ස් ප්‍රකාශ කළේ ධනපති පන්තිය සමග මුහුණට මුහුණ සහිත සටන් වැදිය හැකි ශක්‍යතා සහිත විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය කියලා .අද පශ්චාත් මාක්ස්වාදී කියා ගන්නා හැතිකරය කම්කරු පන්තිය මත පැවරි ඇති එම එතෙිහාසික කාර්ය භාර්ය වසන් කරන්නට ප්රයත්න දරනවා . පෙසප කිව්වේ ජනතා ආණ්ඩුවක් පිහිටවමු කියලා . ජනතා ආණ්ඩු සංකල්පය ස්ටැලින්වාදී ,මාඔ්වාදී ජාතිකවාද සංකල්පයක් . පෙසප යෝජනා කරන්නේ ධනපතියන් එකතු කර ගත්ත ආණ්ඩුවක් ගැන .
ලෙනින් විප්ලවයක් කියලා කිවිවේ පාලක පන්තියට පෙර පරිධි පාලනය කරන්න බැරි, ජනතාවට පෙර පරිධි ජිවත් වෙන්න බැරි තත්වයක් හට ගන්නා පුපුරා යැමක්. ජුලි 09 මේ රටේ සිද්ධ වුයේ ඒවැනි පුපුරා යාමක් නොවේද? විප්ලවය සාර්ථක කර ගන්නට නම් කම්කරු -පීඩිත ජනයාට මග පෙන්වන ලෝක කම්කරු පන්ති ඉදිරිදර්ශනය මත පදනම් වු විප්ලවවාදී ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා . ලංකාව ඇතුලේ පමනක් නොව ලෝක පරිමානවත් මානව වර්ගයාගේ අර්බුදයට හැටියට සංලක්ෂිත වන්නේ විප්ලවවාදී ව්‍යාපාරයේ නායකත්ව අර්බුදය බව පෙන්වාදුන් ලියුම්කරු කතාව අවසන් කළේය .
88 ට 89 කාලයේ ජවිපෙ නුවර වැඩ කළ අනුර සහෝදරයා එම කාලයේ දිවිපිදුවන් සහ ඒ වෙනුවෙන් භද්ද්ර යෞවනය කැප කළ සහෝදර සහෝදරියන් සිහිපත් කරමින් හැගුම් බර කතාවක් පැවැත්විය . අනුර සහෝදරයාගේ කතාවෙන් අනතුරුව සාදයේ සංවිධායක සහෝදරවරු අපේ මේස මත බියර් බෝතල් ගෙනැවිත් තැබුහ . බියර් තොලගාමින් අතීතයේ මිහිර අහිමිහිර තැන් පහුරුගාමින් කතාවට වැටුණි . සහෝදරවරු දෙතුන් දෙනෙක් හැරුනු කොට අනෙක් සියලුම දෙනා බියර් බෝතල් හිස් කළේ නියගයට හසු වු පොලෝවක් ජලය උරා ගන්නා අයුරින්ය . ඔවුන් දැඩි දේශපාලන පිපාසාවකින් සිටින බවක් ද පෙනුණි . දවල් ආහාර ගැනීමෙන් පසු අනුරාධපුර සුරේන් සහෝදරයා ඇතුළු සහෝදරවරු කිපදෙනෙක් කතා කළහ .
සහෝදරයාගේ ( ලියුම්කරුගේ) කතාවට අපේ හිත රිදුනා .එහෙම කිවිවාට අමනාප වෙන්න එපා . මම 1971ටත් කලියෙන් තමා පක්ෂයට සම්බන්ධ වුණේ .අපි විශාල කැපවිම් කළා . 71 මාව අත්අඩංගුවට ගත්තා .පොලිසියෙන් මාව එළියට දාන්න රුපියල් 500 ඉල්ලුවා . රුපියල් 500 ය නොදී , අවුරුදු 05 ක් සිරදඩුවම් විදපු කෙනෙක් මම . අපි විශාල කැපවිමක් කළා මේ රටේ ජනතාව වෙනුවෙන් . ආණ්ඩු විසින් මරා දමපු සහෝදරවරු වගේම ජිවත් වෙලා සිටින සහෝදරවරුන්ට ඒ ගෞරවය හිමි යුතු බව කොඩිකාර සහෝදරය කතාව අවසන් කරමින් පැවසීය .
කොඩිකාර සහෝදරයගේ වැරැදි වැටහිම නිවැරැදි කරන්න සංවිධායක මණ්ඩලයෙන් මට විනාඩි දෙකාක් දෙන්නැයි ඉල්ලා සිටියේය . සංවිධායකවරු මට ඒ සදහා අවස්ථාවක් ලබා දුන්හ .
2009යේ දෙමළ ජනතාවට එරෙහිව ගෙන වාර්ගික යුද්ධය අවස්ථාවේ සහෝදවරු හිටියේ මොන පැත්තේ ද? මම යුද්ධයට එරෙහිව වගේම යුද්ධය ඒක රුපියලක් හෝ ඒක මිනිහෙක් දෙන්න එපා කියලා යුද්ධයට එරෙහිව සටන් කළා . 1989 සැතැම්බර් 07 වෙනිදා මාව පිළියන්දල දී අත්අඩංගුවට ගත්තේ මේජර් ජෙනරාල් තුවාන මුතාලිෆ් විසින් . ඔහු 1989 යේ දෙවන ලුතිනල්වරයෙක් . මන් ඇතුළු ජවිපෙ සහෝදර පිරිසක් කොළඹ විශ්ව විද්යාලයේනීති පිඨයේ රදවා සිටියා . ජවිපෙ සමාජිකයන් ගේ සිට නායකයින් ගණනාවක් වධබන්ධයන්ට ලක්කර මරා දමපු මුතාලිෆ් එල් .ටි.ටි. ඊ. සංවිධානය මගින් ඝාතනය කරපු අවස්ථාවේ ජවිපෙට ඔහු වීරයෙක් වුණා . මුතාලිෆ් යනු දකුණේ මෙන් උතුරේ කම්කරු පිඩිත ජනතාව මරා දැමු අලුගෝසුවෙක් . මමත් සහෝදරවරු වගේම කැපවිම් කළා . නමුත් අපේ කැපවිම් ඉස්මත්තට ගෙනැවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති ස්වභාවය වසන් කරන්නට ඉඩ දෙන්න බැහැ යැයි කිමත් සමග සහෝදරවරු කිපදෙනෙක් මට එරෙහිව නැගි සිට විරෝධය පල කළා. මම ඔවුන්ගේ විරෝධය යට නොවුන අතර මගේ අදහස පිළිගත් සහෝදරවරුන් පිරිසක් මා වටා එකතු වුණා .විශේෂයෙන් ත්‍රිකුණාමලේ මහින්ද සහෝදරයා . පසු මම සියලු සහෝදරවරුන්ගෙන් සමුගෙන කොළඹ පැමිණියෙමි.