රෝසිට එරෙහිව දුෂණ කොමිසමක්

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වත්මන් ජනාධිපති උපදේශකරෝසි සේනානායක සම්බන්ධයෙන් ඇගේ නගරාධිපති ධුර කාලයේ ආදාළව ඉදිරිපත් වී ඇති දුෂණ වංචා චෝදනා පිළිබදව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති ‌රෝෂාන් ගුණතිලක සදහන් කරයි .

ඔහු ඒ බව සදහන් ක‌ළේ කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති සේනානායක දුර කාලයේ සිදු වී ඇති දුෂණ සම්බන්ධයෙන් එහි හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් විසින් ලබාදුන් පැමිණිල්ල ගැන විමසු අවස්ථාවේදිය.

මෙම පැමිණිල්ලෙලෙ ඉල්ලා තිබුනේ හිටපු නාගරාධිපතිගේ ධුර කාලයේ සිදු වී ඇති දුෂණ සම්බන්ධයෙන් පරික්ෂණ කොම්සමක් පත්කර සොයා බලන ලෙසයි . එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ කොම්සමක් පත් කරන්නේ දැයි බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් තවදුරටත් විමසීමේදී ඔහු සදහන් කළේ, ඒ පිළිබදව මුලික කටයුතු මුලින්ම සිදුකළ යුතු බවයි .

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරු වන හා සමගි ජන බලවේගයෙන් එම නගර සභාව සදහා නාම යෝජනා බාරදී ඇති රිසා සරූූූක් ,ෂමිර් සහබ්දීන් මොහොමඩ් දිල්ශාන් .මොහොමඩ් මිලාර් සහ අබ්දුල් බාෂීඩ් යන අය එම පැමිනිල් ආණ්ඩුකාරවරයාට බාරදී තිිි අතර එම පැමිණිල්ල බාර දෙමින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කර තිබුණි .

මෙම පැමිනිල්ල බාර බාරගන්නා අවස්තාවේදී කොළඹ නගර සභාවේ ඉහළ නිලධාරීන් කැදවා ඒ ගැන පැහැදිලි කර ගැනීමක් ද රෝසාන් ගුණතිලක කර තිබුණි .

පැමිණිල්ල මගින් චෝදනා 11 ක් යටතේ දුෂන හා අක්‍රමිකතා යටතේ කරුනු ඉදිරිපත් කර තිබු අතර නාගරාපති නිග නිවසේ විදුලිය හා ජලය සදහා වැය කිරීම් ,න්ල නිවසේ පවිත්‍රතා හා ජලය සදහා සේවකයින් යෙදවිම් හා වැය කිරීම් , පෞද්ගලික ගොඩනැගිල්ලක් සදහා හා ආයතනයක් සදහා අපජලය හා වැසි ජල බැසයාමේ සම්බන්ධතා ලබාදීම්, නගර සභා රැස්විම ශාලාවේ සන්නිවේදන පද්ධතිය වෙනස් කිරීම,රියදුරන් හා කාර්යාල කාර්ය සහායකයින් නීතියට පිටින්සං යෙදවීම සංග්‍රහ වියදම් , නිල රථයට අමතරව ආරක්ෂක රථයක් භාවිතා කිරීම , අඩු ආදායම්ලාභී පවුල් සදහා සදහා ලබාදීමේ අක්‍රමිකතා , අපදුව්‍ය කළමනාකරණය සදහා කොන්ත්‍රාත් බලාදීම ආදීය එම දුෂණ චෝදනා අතර වේ. මෙම දුෂණ චෝදනා සනාථ කිරීම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කොළඹ මහ නගර සභාාවෙන්ම තොරතුරු සාක්කි ලෙස ආණ්ඩුකාරවරයට ලබාදී පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *