පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද් , සුරේෂ් සලේ බවට සැක කරයි

ශාන්ත විජේසුරිය විසිනි

2019 අප්‍රේල් 21 සිදු කළ පාස්කු ප්‍රහාරය  රාජපක්ෂ නැවත බලයට ගෙන එමට සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව වාර්තා වැඩ සටහනක් මගින් හෙළි  කර තිබේ .එම වාර්තා වැඩ සටහන දෙස් විදෙස් ආන්දෝලනයට ලක්ව දි ඇත.

මෙම පාස්කු ප්‍රහරය මෙහෙයවා ඇත්තේ හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ සලේ විසින් බව සිවනේෂතුරේ  චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නායකත්වය දරණ ටිඑම්විපී පක්ෂයේ හිටපු මාධ්‍ය ලේකම් හන්සීර් අසාද් මවුලාන චැනල් 4 නාලිකාව සමග පැවති සාකච්ජවේදී අනාවරණය කළේය .

මේජර් ජෙනරාල් සලේ පිටුපස සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව අනන්‍යතාව හෙළි නොකළ රජයේ ඉහල නිලධාරියෙකු චැනල් 4 නලිකාවට අදහස් දක්වමින් පැවැසීය.

පාස්කු ඉරුදින එල්ල කළ මරගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් 269 දෙනෙක් මිය ගොස් 500 ක පමණ පිරිසක් තුවාල ලැබුහ. .

බන්ධනාගාරගත කර සිටි සයීස් මවුලවි අතුළු පිරිසට ඇප අරන් දෙන්නැයි පිල්ලෙයාන් අසාද් මවුලානට  කතා කොට පවසා ඇති අතර ඒ අනුව ඔහු එම පිරිසට ඇප අරන් දී ඇත. එවකට පිල්ලෙයාන් ජෝශප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිටි බව මවුලානා පවසයි .

සලේට සයිස් මවුලවි මුණ ගැස්සීම

2018 වර්ෂයේ සයීස් මවුලවි සහ ඔහුගේ සොයුරා වන සහරාන්ව පුත්තලම ප්‍රදේශයෙදි මුණ ගැස්සු බවත් ඔවුන් පැය හයකට ආසන්න කාලයක් සාකච්ජා කළ බවත් එම හමුව සංවිධානය කරන්නැයි උපදෙස් දී ඇත්තේ පිල්ලෙයාන් බවත් එහිදී රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සදහා රටේ නොසන්සුන්තාවයක් ඇති කළ යුතු බව සලේ තමන් සමග පැවසු බව මවුලානා චැනල් 4 නාලිකාවට අදහස් දක්වමින් හෙළි කළේය .

 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු රෝ ඔත්තු සේවා මෙරට රාජය බුද්ධි සේවයට මාසයකට පෙර දැනුම් දී තිබියදිත්, බුද්ධි අංශ හා පොලිසීය එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් මහජනයා මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් ආරක්ෂක අංශ කෙරෙහි සැක පල කළහ . පසුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට බවත් එම ප්‍රහාරය ගෝඨාභයගේ උපදෙස් පරිදි හමුදා බුද්ධි ප්‍රධානී සලේ විසින් මෙහෙවා ඇතැයි මුලින්ම හෙළි කළේ සමාජ මාධ්‍ය මගින්ය.

පිල්ලෙයාන් සහ පාස්කු ප්‍රහාරය

චැනල් 4 නාලිකාව එම සැකය රාජයේ නිලධාරීයෙකු සහ අසාද් මවුලානා සහ තවත් අය යොදගෙන තහවුරු කරන්නට උත්සහ කර ඇත. චැනල්4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවු පැත්තක් හෙළි කරයි .ඒ පිල්ලෙයාන්ට පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධයයි .එය කටකාතවක් නොව පිල්ලෙයාන්ගේ පක්ෂයේ හිටපු මාධ්‍යය ලේකම්වරයා චැනල් 4 නාලිකාවට සිය කැමැත්තෙන් සිදු කළ හෙළිදරව්වකි .

ව්‍යාජ වම ව්‍යාජ බව පෙන්වයි

සමහර ව්‍යාජ වාම නායකයින් චැනල් 4 නාලිකාවට වඩා ,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌තොරතුරු දන්නවා යැයි පම්පෝරි ගසති .එම ව්‍යාජ වාම නායකයින්ට චැනල් 4 නාලිකාව සමග ඇරියස් එකාක් ඇත .ඒ රාජපක්ෂ රේජීමය, ජනත විමුක්ති පෙරමුණ ඇතුළු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්‌ගේ පුර්ණ සහයෝගයෙන්  ගෙන ගිය දෙමළ සංහාරක යුද්ධයේදී සිංහල හමුදා මුදාහල මිලේච්ජත්වය චැනල් 4 නාලිකාව (killing field )  වාර්තා වැඩ සටහන මගින් ලෝක පරිමාන කම්කරු -පීඩිත මහජන ජනතාව හමුවේ හෙළිදරව් කිරීමය . මහජනයාට කෙළවුනාට කම් නැත මිනීමරු ධනපති හමුදාවට ඇගිල්ල දිගු කරනවාට ව්‍යාජ වම්මුන්ට රුස්සන්නේ නැත . චැනල් 4 නාලිකා ප්‍රශ්නයෙදී පමනක් නොව නතාෂාගේ සිද්ධියෙදීත් ව්‍යාජ වම්මු හැසිරුනේ වර්ගවාදින්ට උඩගෙඩි දෙමින්ය . සමහර ව්‍යාපෘති කාරයන් ද චැනල් 4 නිසා ඔවුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරගෙන ව්‍යාපෘති වලට මුදල් නොලැබෙතැයි භිරාන්ත්‍ර වී එම නාලිකාවෙන් මහ ලොකු දෙයක් කර නැතැයි පවසති . මේ සියලුම දෙනාම සවිඥානිව හෝ අවිඥානිකව අවසානයේ සේවය කරන්නේ  රාජපක්ෂලාටමය .

 එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ උපදෙස් මත ලලිත් -කුගන්ව යාපනයේ ප්‍රදේශයෙදී පැහැරගෙන ගොස් විනාශ කර දැමු බව මුළු රටට දන්නා සිද්ධියකි . නමුත් ලලිත් -කුගන් පැහැරගෙන ගියේ හමුදා බුද්ධි අංශ ද නැතිනමි හමුදාවේ වෙනත් කණ්ඩායමක් ද  ඔවුන්ව පැහැරගෙන, ගෝඨාභය විසින් නඩත්තු කළ ට්‍රිපෝලියන් ප්ලැටුන් වැනි කණ්ඩායමකට  බාර දුන්නාද? දුන්නා නම් ඔවුන් කවුද? ඔවුන්ව රදවා තබාගෙන සිටියේ  කොහේද? අවසානයේ මරා දැමුවේ කෙසේ ද යන්න මෙතෙක් හෙළි වි නැත. රාජය බුදධි නිලධාරීන් ද ලලිත් පිටු පස වැටි සිටිහ .

ලිලිත් -කුගන් පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධව සත්‍ය හෙළි කරන්නේ චැනල් 4 නාලිකාව ද වෙනත් නාලිකාවක් ද යන්න ලංකා ස්කයි නිව්ස් එකට එතරම් වැදගත් නැත . අපට වැදගත් වන්නේ එම ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය ද තර්කානුකුල ද යන්න පමණයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, ලලිත් -කුගන් සහ උතුරු -නැගෙනහිර  යුද ඝාතන සිද්ධින් හෙළිදරව් කිරීමෙන් රට අස්ථාවර වෙනවා , ජාතික ආරක්ෂවට ප්‍රශ්නයක් සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යැයි කියා ව්‍යාජ වම්මුන්ට සහ වර්ගවාදීන්ට සත්‍ය වළදැමීමට ඉඩ නොදෙමු . කම්කරු -පීඩිත ජනයා අනතුරේ හෙළන සහ විනාශ මුඛයට ඇද දැමීමට එරෙහිව “ලංකා ස්කයි නිව්ස් සටන් වදිනු” ඇත.

ට්‍රිපොලියන් ප්ලැටුන්

ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ පිල්ලෙයන් ඔහුව හමු වු බවත් එහි දී ඔහුගේ හොදම කණ්ඩායම තොරා ගන්නැයි ගෝඨාභය පිල්ලෙයාන්ට දැනුම් ඇත .ගෝඨාභයගේ මේසය උඩ තිබු සන්ඩේ ලීඩර් පුවත්පත පෙන්වා මේ බල්ලා (මාධ්‍යවේදි වික්‍රමතුංග) මාත් සමග සෙල්ලම් කරනවා යැයි ඔහු පැවසු බව මවුලානා කියයි .

පිල්ලෙයාන්ගේ හොදම සහචරයන්ගෙන් “ට්‍රිපොලි ප්ලැටුන්” කණ්ඩායම සාදා ඇති බවත් එම කණ්ඩයම මගින් මාධ්‍යවේදී වික්‍රමතුංග ඝාතනය කර ඇතැයි සැක කරයි .

මාධ්‍යවේදි වික්‍රමතුංග ඝාතනය කිරීම සදහා ට්‍රිපොලි ප්ලැටුන් සමාජිකයන් යොදා ගත් ජංගම දුරකතන 05 ක් සොයා ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා චැනල් 4 නාලිකවට හෙළි කළ තොරතුරු වලින් මවුලානා ට්‍රිපොලි ප්ලැටුනය සම්බන්ධයෙන් සිදු කළ අනවරණය සත්‍යයක් බව තහවුරු විය .

පොලිස් පරික්ෂක නිලන්ත ද සිල්වා මාධ්‍යවේදි වික්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් ගෝඨාභයව අ .ප .දෙ . කැදවා ප්‍රශ්න කර ඇති අතර එහි දි ඔහුව වික්‍රමතුංග  ඝාතන සිද්ධියට සම්බන්ධ කළේ ඇයි දැයි ගෝඨාභය නොසතුටෙන් ඔහුගෙන් විමසා සිටි බව නිලන්ත සිල්වා පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි අංශය මෙන්ම රාජය බුද්ධි අංශය සම්බන්ධ බවට සොයා ගෙන තිබුණි . මෙම පරික්ෂණ සිදු කළේ  අ.ප.දෙ. බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න සහ එම දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ශානී අබේසේකරගේ මුලිකත්වයෙනි.

පොඩි සහරාන් සහ සොනික් සොනික්

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මාතලේ පොඩි සහරාන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දි , ‌සොනික් සොනික් පුද්ගලයෙකු ගැන හෙළි වි ඇත.  සොනික් සොනික් යනු රාජය බුද්ධී සේවයට අනුයුක්තව කටයුතු කරන අයි .පි . බණ්ඩාර බවට අනාවරණය කරගෙන තිබේ .  අයි .පී . බණ්ඩාරව යනු පොඩි සහරාන් ගැන සොයා බැලීම සදහා ඔහු පිටු පස දමා තිබු බුද්ධි නිලධරයා බවත්. රාජය බුද්ධි සේවය පොඩි සහරාන් සම්බන්ධයෙන් පවත්වගෙන ගිය ලිපි ගොනුව ද නම් කර තිබුනේ සොනික් සොනික් යනුවෙන්  බව කියන්නේ රාජය බුද්ධී ප්‍රධානීහු වෙති . ඒය අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තු සොනික් කියන්නේ බණ්ඩාර බවට තහවුරු කරගත් පසු එය අවුල් කිරීම සදහා ‌ගෙතු කේබරයක් බව  අපරාධ පරික්ෂණ නිලධාරීන් පවසති . පොඩ් සහරාන් මෙන්ම බණ්ඩාර ද මාතලේ පදිචිකරුවන් වෙති .

පොඩි සහරාන් අත්අඩංගුවට ගන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබද පම්පෝරි ගසන්නට ගොස් මාතලේ පොලිසියෙන්ය . ඇප මත නිදහස් වු සහරාන් මාතලේ අධිකරණයෙන් එළියට පැමිණෙද්දී,අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තු ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙනවිත් ඇත.

සොනික් හෙවත් බණ්ඩාර

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව බණ්ඩාරව සොයා ගන්නේ එෆ් .බී. අයි එකෙන් ලබාදුන් අයි .පි . ලිපිනයක් මාර්යෙනි .එම සීම්කාඩ් පත පොලිස් රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියක් නමින් තිබි ඇත . අ.ප.දෙ . ඇයගෙන් ප්‍රශ්න කරද්දි , පවසා ඇත්තේ උප පොලිස් පරික්ෂක බණ්ඩාර සීම්කාඩ් පතක් ලබා ගැනිම සදහා කොස්තාපල්වරියගේ හැදුනුම්පත ඉල්ලා ගත් බවයි .

පොඩ් සහාරන් අ.පදෙ. කළ පාපොච්චාරණයේ සොනික් සෙනික් නැමැති පුද්ගලයෙකු ගැන හෙළිදරව් කර තිබිමත් එ‌ෆ්. බී .අයි . එක ලබාදුන් දුරකතනය ඔස්සේ යද්දී, බණ්ඩාර යනු රාජය බුද්ධී සේවයේ උප පොලිස් පරක්ෂකයෙකු බවට හෙළි වීමත් පසුව  අ.ප.දෙ. ඔහු පිළිබද ලිපි ගොනු පරික්ෂා කරද්දී ,  සොනික් සොනික් ලෙස පෙනී සිට ඇත්තේ බණ්ඩාර බවට හෙළි වි ඇත .පාස්කු ප්‍රහාරයෙන් පසු බණ්ඩාර පොඩි සහරාන්ට කතා කොට ප්‍රහාරයේ වගකිම අයිඑස්අයිඑස් සංවිධානය මගින් බාර නොගත්තේ මන්ද යන්න විමසා ඇත. අයිඑස්අයිඑස් සංවිධානය වගකිම බාර නොගත්තොත් උඔලා මාට්ටු වෙතැයි ද බණ්ඩාර පොඩි සහරාන්ට පැවසු බව ඔහු අ.ප.දෙ. ඉදිරියේ වමාර ඇත. දැන් ඉතාමත් පැහැදිලි රාජය බුද්ධි සේවයට මෙම ප්‍රහාරය සමග ඝෘජු සම්බන්ධතාවයක් තිබු බවත් එම ප්‍රහාරය වගකිම අයිඑස්අයිඑස් සංවිධානය බාර ගැනීමෙන් පසු සියල්ල අවසන් වෙතැයි මහමොළකරු සිතන්නට ඇත. .

 අයිඑස්අයිඑස් නොවු අයිඑස්අයිඑස්ලා

මෙහි දී තවත් වැදගත් කාරණයක් හෙළි වෙයි .ඒ සහරාන්ලාට අයිඑස්අයිඑස් සංවිධානය සමග ඝෘජු සම්බන්ධතාවයක් තිබි නැති බවයි . සහරාන්ලාට ඒවැනි සම්බන්ධතාවයක් තිබුනා නම් පොඩි සහරාන්ට ඉන්දුනිසියාවේ සිටින අයිඑස්අයිඑස් නියෝජිතයෙකුගෙන් ප්‍රහාරයේ වගකිම බාර නොගත්තේ මන්දැයි අසා දැන ගන්නට අවශ්‍ය නැත.  ඉස්ලාමීය රාජයක් වෙනුවෙන් මරාගෙන මැරෙන බවට දිවුරුම් දිමක් ලබා දි නැති බැවින්, ප්‍රහාරයේ වගකිම අයිඑස්අයිඑස් සංවිධානයට බාර ගත නොහැකි බව එම නියෝජිතයා පොඩි සහරාන්ට පවසා ඇත. පසු සහරාන් සොනික් සොනික්ට ඒ බව දැනුම් දි ඇති අතර සහරාන් ඇතුළු ප්‍රහාරකයන් ‌දිවුරුම් දෙන විඩියෝව ඉන්දියවේ සිට අප්ලෝඩ් කරන්නේ ඉන් පසුව බව හෙළි වි ඇත.

උප පොලිස් පරික්ෂක බණ්ඩාර හෙවත් සොනික් සොනික් මෙම ප්‍රහාරයට ඝෘජුව සම්බන්ධ බවට සියලු තොරතුරු සොයා ගැනීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඔහුව කැදවා ප්‍රශ්න කරන්ට යද්දී, රාජය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලස්පතිවරයෙකු අ.ප.දෙවට දැනුම් දී ඇත්තේ එම බුද්ධ නිලධාරියා පිළිබද තොරතුරු හෙළි වන බැවින් ඔහු නොකැදවන ලෙසයි .  අ.ප.දෙව .රාජය බුද්ධි සේවාවේ සහ හමුදා බුද්ධි අංශයේ ඉහල නිලධාරීන්ගේ විරෝධතාවය මැද  බණ්ඩාර හෙවත් සොනික්ට එම දෙපාර්මේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දි ඇත. පසු ඔහු එහි පැමිණ ඇත . රවි සෙනෙවිරත්න සහ ශානී  අබේසේකර බණ්ඩාරගෙන් ප්‍රශ්න කරද්දී, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වන බැවින් තොරතුරු හෙළි කළ නොහැකි බව පවසා ඇත. පසුව හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකු පැමිණ” අපේ මෙහෙයුමක්” යැයි පවසා බණ්ඩාර හෙවත් සොනික්ව රැගෙන ගොස් තිබිණ .  

සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් යොදාගෙන මෙම මරගෙන මැරෙන ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ හමුදා සහ රාජ්‍ය බුද්ධ සේවා බවට විශේෂයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සහ චැනල් 4 නාලිකාව සාක්කි සහිතව හෙළි කළ තොරතුරු වලින් ඔනෑවටත් වඩා තහවුරු කර ඇත . දැන් ඇත්තේ එම රාජය ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන ඔවුන් මෙහෙය වු දේශපාලකයන් හෙළිදරව් කර ගැනීමය .

 ජමීල් ගෙදරට බුද්ධි නිලධාරීන් යැම

බම්බලපිටියේ ටාජ් සමුදා හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට ගිය ලතිෆ් ජාමීල් මෙහොමඩ්ට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා ඔහු එම හෝටලයෙන් පිටත පැමිණ ත්‍රිරෝධ රථයක නැගී දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට ට්‍රොපිකල් ඉන් හෝටලයට ගොස් බෝම්බය පුපුරවාගෙන තිබුණි . ජමීල්ට ටාජ් සමුද්‍ර හෝටලයෙන් පිටව යන්නැයි උපදෙස් දුන්නේ අබු හිද් බවට සැකයක් පවති . ඔහුගේ දුරකතනයට අවසාන යේ පැමිණි ඇමතුම ලංකාවේ සිට ද නැතිනම් ඉන්දියවේ සිට පැමිණි දුරකතන ඇමතුමක් ද යන්න ජමීල්ගේ සිම්කාඩ් පත අයත් සමාගමෙන් පරික්ෂ කළ හැකිය .

පාස්කු ඉරුදින එම හෝටලයේ ඉන්දියන් රාජය නිලධාරීන් පිරිසක් එම හෝටලයේ රැදි සිටි නිසා ,බෝම්බය පුපුරවා නොගැනීමට හේතුව බව වාර්තවේ. එසේ බෝම්බය පුපුරවා ගත්තා නම් ,රෝ සංවිධානය ද පැටලි මහ ජංජාලයක් වෙතැයි බිය වු මහමොළකරු ජමීල් ඉවත් කර ගත්තා විය හැකිය .

සලේ ජමීල්ව ගන්නැයි මවුලාට කියයි

පාස්කු ප්‍රහාරය එල්ල වු දින පෙරවරුවේ සලේ තමාට කතා කොට ඔහු හමුවිමට කෙනෙක් බලා සිටින බැවින් ඉක්මණින් ටාජ් සමුද්‍ර හෝටලයට යන ලෙස දැනුම් දුන් බවත් එම පුද්ගලයාව වාහනයට නන්වාගත් පසු එම පුද්ගලයා සතු ජංගම දුරකතනය ඔහුගේ බාරයට ගෙන, එම පුද්ගලයා කැමති තැනකින් බස්වන ලෙසට දැනුම් දුන් බව අසාද් මවුලානා පවසයි. තමා සිටින්නේ මඩකලපුවේ යැයි අසාද් මවුලානා සලේට පිළිතුරු දි ඇත.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයින්ගේ ජයාරූප රුපවාහිනියෙන් පෙන්වද්දී ,  සලේ සමග පුත්තලමේ දී සාකච්ජා කළ පුද්ගලයින් එම ජයාරූප සිටින බව දැනුවත් කළ අවස්ථාවේ ඔයා කටවහාගෙන ඉන්න . ඔයා කිසිවක් දන්නේ නැහැ. කියා පිල්ලෙයාන් පැවසු බව අසාද් මවුලානා පවසයි .

ජමීල් ට්‍රොපිකල් ඉන් හෝටලයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බැගය තබා එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ගොස් තිබිණ.. ඔහුගේ හැසිරීම ගැන සැක හිතුනු එම පල්ලියේ මුරුකරු ජමීල් කතා කොට විස්තර විමසා තිබුණි . බිරිද සමග තරහා වි පැමිණි බව ජාමීල් එම  මුරකරුට පැවැසීමෙන් පසු එය සත්‍යයක් දැයි දැනගැනීම සදහා එම මුරකරුගේ දුරකතනයෙන්  බිරිදට කතා කොට ඇත.  ජාමීල් ඇය සමග අමනාප වි පැමිණි බව පිළිගෙන ඇති අතර හමුදා බුද්ධි අංශයෙන් ඔහු සොයාගෙන ගෙදරට පැමිණ සිටින බවත් ඇය මුරකරුට පවසා ඇත. ජමීල්ගේ ගෙදරට පැමිණි සිටි බුද්ධී අංශ නිලධාරියෙක්  ජාමීල්ගේ බිරිදගේ දුරකතනයෙන් මුරකරුට කත කොට ජාමීල් ඉන්නවා දැයි විමසා ඇත. ඔහු තමා ලග සිටින බවට මුරකරු පිළිතුරු දි ඇත. ඊට පැයකට පසු නැවත බුද්ධි අංශ නිලධාරීන් මුරකරුට නැවත කතා කොට ජාමීල් ඔහු ලග සිටිනවා නම් රදවා ගන්නැයි දැනුම් දී තිබිණ . ඔහු ලග නැති බවත් මුරකරු වෙනත් වැඩක් යෙදී සිටින බවට පිළිතුරු දි ඇත. එදිනම සවස නැවතත් කතා කොට මුරකරුට වල්ලවත්ත පොලිසීයට එන්නැයි දැනුම් දි තිබුණි. ඒ අනුව මුරකරු එහි ගිය අවස්ථාවේ ඔවුන් බුද්ධි අංශ නිළධාරීන් බව පවසා ඇත. මුරකරු ද විශ්‍රාම ගිය පොලිස් නිලධාරයෙකි .

ෂැන්ග්‍රිලා හෝටලයේ සහරාන් හසීම්ලා බෝම්බ පුපුරවා ගන්නා අවස්ථාවේ එහි ආරක්ෂක අංශය භාරව සිටි යා යැයි කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් හෙන්දා විතාරණය . සලේ යනු ඔහුගේ ගෝලයෙකි . සලේ මෙන්ම විතාරණ ද රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝය . විතාරණ එවකට ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානීයා නම් ඔහුත් දැනුවත්ව ද එම ප්‍රහාරය එල්ල වුයේ දැයි සැකයක් පවති‍.

සුරේෂ් සාලේ හෙවත් අබු හින්ද්

අසාද් මවුලානා  සලේට 2018 සයීස් මවුලවි සහ සහරාන්ගේ ‌සොයුරාව පුත්තලමේ දී  මුණ ගැස්සුවා යැයි කියන විට ඔහු එය ප්‍රතික්ෂේප කරමින් එවකට මැලේසියන් තනාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ බව පවසයි . පාස්කු ප්‍රහාරය එල්ල වු දිනයේ ඔහු හිටියේ ඉන්දියාවේ බව චැනල් 4 නාලිකාව මුදා හල වාර්තා වැඩසටහනෙන් පසුව නිකුත් කර තිබු මාධ්‍ය නිවේදනයේ සදහන් කර තිබුණි . සලේ ඉන්දියාවට ගොස් සිටියේ පුහුණුවක් සදහා යැයි ද කියයි . ඒවෙන කොට ඔහු පුහුණුවක  නිරත වි සිටියේ ද නැතිනම් එහි සිට කුමක් කළේ ද ඉන්දියානු බුද්ධි අංශ වල ද සහයෝග ඇතුව සොයාගත යුත්තකි . අසාද් මවුලාන සලේ සම්බන්ධයෙන් හෙළි කරුණු බරපතළය. විශේෂයෙන් පාස්කු ඉරුදින ටාජ් සමුදා හෝටලයට ගොස් ජමීල්ව වාහනයට නන්වාගත් පසු ජමීල්ගේ ජංගම දුරකතනය ඔහුට රැගෙන , ජමීල් කැමති තැනකින් බස්වන්නැයි සලේ තමන්ට කිවිව බව අසාද් මවුලානා චැනල් 4නාලිකාවට කරන ප්‍රකාශයයි . ඒතැනදී වැදගත් කාරණාවක් එළියට කාන්දුවේ . ජමීල් බෝම්බය පුපුරවා නොගෙන ටාජ් සමුදා හෝටලයෙන් පිට යන්නයි දැනුම් දුන්නේ සලේ ද යන්නයි .අසාද් මවුලානාට ජමීල්ව එම හෝටලයෙන් ගන්න යැයි සලේ  කළ දැනුම් දිමත් සමග එය තහුරු වෙයි . සලේ පිළිබද ඊලග සැකය මතු වන්නේ සහරාන්ලා ඉස්ලාමීය රාජයක් වෙනුවෙන් දිවුරුම් දුන් විඩියෝව අප්ලොඩ් වෙන්නේ ඉන්දිවේදිමය.  ඒ වෙන කොට සලේ සිටියෙද ඉන්දියවේය .

මෙම අනාවරනය වි ඇති සාක්කි සහිත තොරතුරු තර්කානුකුව පෙළ ගස්වද්දී අබු හින්ද් යනු සලේ බවට ලංක ස්කයි නිව්ස් වලට බරපතළ සැකයක් ඇත. අබු හිද් කියලා පුද්ගලයෙකු නැති බවත් අබු හිද් කියන්නේ අවතාරයක් යැයි ලංකා ලිඩ් නිව්ස් කියන කොට එම සැකය තවත් තහවුරු විය. චැන්ල 4 නාලිකාවෙන් හෙළිදරව්වෙන් පසු සලේ බේරා  ගැනිමට මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 හිටපු නීතිපති දප්පුල ද ලීවේරා පාස්කු ප්‍රහාරය” කුමන්ත්‍රණයක්” යැයි පැවසුවේ සහරාන්ලා විසින් එල්ල කළ ප්‍රහාරය පිටුපස හමුදා සහ රාජ බුද්ධි සේවාව සිටි බව කියන්න ගත් උත්සහායකි.

 සහරාන්ලා දිවිපිදිමේ වාසිය රාජපක්ෂලාට

සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිත් ජාමාත් (NTJ) සමාජිකයින් මරාගෙන මැරුනේ රාජපක්ෂ බලයට ගෙන එම සදහා නොවුනත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එම ත්‍රස්ත ප්‍රහාරය ඉවහල් වුණි .රාජපක්ෂලාට මෙන්ම සහරාන්ලාටත් එම ප්‍රහාරය ඇතුළේ න්‍යාය පත්‍රයක් තිබුනා ද?.  එසේ නැතිනම් සහරාන්ලා ප්‍රහාරයකට සුදානම් වන බව දැනගත් බුද්ධි අංශ ඔවුන්ගේ මැදට පැන  බුද්ධි අංශ  අවශ්‍යතා පරිදි එම ප්‍රහාරය මෙහෙය වුවා ද යන්න සැකයක් පවති .සහරාන්ලා අබු හිද් සමග කටයුතු කළේ ,ඔහු හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙක් කියා දැගෙන ද නැතිනම් අයිඑස්අයිඑස් නායකයෙක් කියාද යන්න ලිහා ගත යුතු ගැටළුවකි. අපට අනුව අබු හින්ද් සහරාන්ලා ඉදිරියේ පෙනි සිටියේ අයිඑස්අයිඑස් නායකයෙකු බව පෙන්වමින්ය.

සහරාන්ලාට අයිඑස්අඅයිඑස් සංවිධානය සමග සමීප සම්බන්ධතාවයක් නොතිබුණු බව හෙළි වි ඇති අතර එසේ නම් ඔවුන්ට පුපුණ ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ජැකට් ලැබුනේ කෙසේ දැයි පරික්ෂකයන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු පැත්තකි .මෙතැනදී සලේ පිළිබදව සැක මතු කෙරේ. ඒම පුපුරණ ද්‍රව්‍ය සහ ජැකට් එල්ටිටිඊ සංවිධානය සතුව තිබි හමුදාව අත්පත් කර ගත් ඒවා ද  නැතිනම් හමුදාව සතු තිබු පුපුරණ දුව්‍ය ද යන්න තහවුරු කර ගත යුතු වෙයි .

සාර ජෙස්ම්න් හෙවත් පුලස්ති මහේන්ද්‍රන්

සාරා ජෙස්මින් කටුවාපිටිය දේවස්ථාථානයේ බෝම්බය පුපුරවා ගත් අච්චි මොහොමඩ්‌ හස්තුන්ගේ බිරිද වෙයි .සාරා කෙළඹ ප්‍රදේශයේ පදිංචිකාරියනියකි . ඇය උපතින් ‌දමිළ වන අතර හස්තුන් සමග විවාහ විමෙන් පසු සාරා මුස්ලිම් ආගමට ගොස් ඇත. සාරා ජාතික තවුහිත් ජාමාත් සංවිධානයේ ප්‍රබල චරිතයකි. අබු හින්ද් සහරාන්ට වඩා ඉහල සිටි බවත් අබු හින්ද් සාරා කතා කරන කොට ඇය කාමරයෙන් එලියට යන බවත් සහරාන් හෂීම්ගේ බිරිද හාදියා අ.ප.දෙ .ප්‍රශ්න කරද්දී , පවසා ඇත.

2019 අප්‍රේල් 26 දා රාත්‍රියේ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දි සහරාන් සොයුරා වන මොහාමඩ් රිල්වාන් බෝම්බයක් ගත්තේය .එම බෝම්බ්ම්බ පුපුරවා ගැනිමෙන් කුඩා ළමුන් හය දෙනෙක් ඇතුළු 16 දෙනෙක් මිය ගියහ . හාදියා , ඇයගේ දිණිය සහ සාරා ද එම නිවසේ සිට ඇත. බෝම්බය පුපුරවා ගන්නට සුදානම් වන අවස්ථාථාවේ හාදියා දිණියත් රැගෙන කාමරයකට පැනගෙන ඇත . බෝම්බය පුපුරවා ගන්නා අවස්ථාවේ සාරා අනෙක් අය සමග සාලේ ඉදගෙන සිටි බව හාදියා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවසා ඇත. බෝම්බ පුපුරවා ගැනීමෙන් දිවි ගලවා ගත්තේ හාදියා සහ ඇගේ දියණිය පමණි .

එම බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු සාරාට කුමක් සිදු වුයේ දැයි හාදියා දන්නේ නැත. එම ස්ථානයට මුලින්ම පැමිණෙන්නේ හමුදාව සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ය . පොලිසීයට සහ අනෙකුත් පරික්ෂණ කණ්ඩායම් වලට එම ස්ථානය යන්න අවසර දෙන්නේ පැය කිපයකට පසුවය .

බොම්බ පුපුරවා ගැනීමෙන් එතැන සිටි කිසිවෙකු හදුනා ගන්නට බැරි තරමට විනාශ වි තිබු අතර එහෙත් සාරාගේ හැදුනුම්පත පමණක් කිසිදු හානියක් ‌නොමැතිව එම ස්ථානයේ වැටි තිබ් හමු වි ඇත. එය ප්‍රහාරය පිටුපස සිටින පිරිස් සාරා බෝම්බ ප්‍රහායෙන්ය මිය ගිය බව හගවා පරික්ෂකයන් නොමග යවන්නට ගත් උත්සහයකි . තවද සාරා අබුබක්කර ‌නැමති පොලිස් නිලධාරියාගේ යතුරු පැදියේ නැගි එම ස්ථානයෙන් පිටව ‌ගොස් ඉන්දියාවට පැන ගිය බව කියන්ට ගොස් ලොරි රියදුරෙක් හා සහයකයෙක් හත්පලේම උලා ගත්තහ .තමන්ගේ විශේෂ ඔත්තුකරුවෙකු යැයි ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සාක්කි දිම සදහා එම රියදුරාව ඉදිරිපත් කර තිබුනේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු විසිනි . පසුව එම පොලිස් පරික්ෂවරයා ඇමරිකාවට ගිය බවත් වාර්තාවේ . මොහු පිටුපස ද පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සිටි බවත් වාර්තතා ‌විය .

සාරා මිය ගිිිියාද නැදිද යන්න තහවුරු කර ගැනීම සදහා ඩිඑන්ඒ පරික්ෂණ තුනක් කළ අතර මුල් පරික්ෂණ දෙකෙදී ඇයගේ ශරීර කොටස් එහි නැති බව තහවුරු විය . තුන් වන ඩිඑන්ඒ පරික්ෂණයෙන් සාරා මිය ‌ගොස් ඇැයි ප්‍රකාශ කිරීමත් සමග බරපතළ සැකයක් ඇති විය.

සාරාගේ හැදුණුම්පත දැමිමත් සාරා රෝ ඔත්තුකාරීයක් නිසා ඇයව ඉන්දියාවට ගෙන්වා ගත්තා යැයි ප්‍රචාරය කිරීමත් යන මේවා පාස්කු ප්‍රහාරය මෙහෙවු මහමොළකරුගේ සැලසුම් හා ප්‍රචාරක මෙහෙයුම්ය . අවසානයේ සියලු මෙහෙයුම් හෙළිදරවි වු තැන සයින්දමරුදු වලදී සාරා මිය ගිය බව ඩිඒ්න්ඒ පරික්ෂණයෙන් තහවුරු වු බව කියති . සාරා නිසා සියලු මෙහෙයුම් ජෑම් වි ඇත.

බුද්ධි අංශය සාරාව සයින්දමදුරු සිට තුවාල ලබා හෝ නැතුව හෝ රැගෙන ගොස් මරා දැමුවා දැයි ලංකා ස්කයි නිවිස් වලට බරපතල සැකයක් පවති . ඇය ජිවතුන් අතර සිටිය හොත් අබු හින්ද් මෙන්ම ප්‍රහාරයට ආදළ සියලු ක්‍රියාකාරකම් හෙළි වන බැවින්ය.

ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ධනපති පාලකයින් ‌සහ ‌බෞද්ධ අන්තවාදීන් සිදුකරන ප්‍රහාරය ඇමරිකාව ප්‍රමුඛ බටහිර සහ යුරෝපීය අධිරාජයවාදීන් ලෝක පරිමානව මුස්ලිම් ජනයට එරෙහිව ගෙන යන වර්ග සංහාරයේම දිගුවකි. අළුත්ගම දර්ගා නගරයේ සහ මහනුවර දිගනදි මුස්ලිම් ජනයාගේ දේපල ගිනි බත් කරමින් ඔවුන්ට එරෙහිව වර්ග සංහාරයකට මුලපිිිිරීය. එවකට පැවතියේ රාජපක්ෂ ආණ්ඩුවකි . මුස්ලිම් තරුණයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් කරන්නේ එම ප්‍රහාර මාලාවයි. ධනපති පාලකයන්ට එම ප්‍රහාරයේ සහ එම තරුණයන් බෝම්බකරුවන් බවට පත් කිිිිිිරීමේ වගකිමෙන් ගැල විය ගත නොහැකිය.

පාස්කු ප්‍රහාරය හරහා ඉස්මත්තට පැමිණියේ ධනපති ක්‍රමයේ මිලේච්ජත්වයයි.

2001 සැතැම්බර් 11 ඇමරිකාවේ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන  කිපයක් ඉලක්ක කර අල්කයිඩා සංවිධානය එල්ල කර ප්‍රහාරය ගැන රුසියානු බුද්ධි අංශ , ප්‍රහාරයට පෙර ඇමරිකානු බුද්ධි අංශ දැනුවත් කර තිබුණි . ඇමරිකාව එම ප්‍රහාරය වළක්වනවා වෙනුවට ප්‍රහාරය ආශීර්වාදයක් කරගමින් ,ප්‍රහරය එල්ල වෙන තෙක් නොඉසිල්ලෙන් බලා සිටියේය. අල්කයිඩා ප්‍රහාරය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමණය කිරීමට ලබා දුන් වර පත්‍රයක් බදුය .

ප්‍රහාරකයාගේ මිලේච්ජත්වයට වඩා එම ප්‍රහාරය දැනගෙන එය වැළැක්වීමට කටයුතු නොකර , තම පන්ති  අවශ්‍යතා සදහා යොද ගන්න අයගේ මිලේච්ජත්වය ඊටත් වඩා භායනකය.

ධනපති ක්‍රමය අර්බුදයට යද්දි, මහජනයාට එරෙහිව එල්ල කරන මේ වැනි මිලේච්ජ ප්‍රහාර වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.  මෙම මලේච්ජත්වය අවසන් කළ හැක්කේ ලෝක පරිමානව ධනපති ක්‍රමය පෙරළා දැමිමෙන් පමණි .ඒ සදහා කම්කරු පන්තිය නායකත්වය ගත යුතුය. ඒහැර වෙනත් විකල්පයක් නැත.

මෙහි පල වන සියලුම ජායාරූප ලබා ගන්නා ලද්දේ අන්තර්ජාලයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *