ඊශ්‍රායල පලස්තීන ජනයාට එරෙහිව සිදු කරන මෘග ප්‍රහාර වහා නතර කරන ලෙසට බල මහජනයා විදී බසිති

අධිරාජ්‍යවාදී රටවල පිටුබලය ඇතිව ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහිව දියත් කර ඇති මෘග ප්‍රහාර වහා නතර කරන්නැයි අධිරාජ්‍යවාදී බලවතුන්ට බල කර අද (13) දහවල් කොළඹ ටවුහොල් දවටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතාවට විශාල වශයෙන් මුස්ලිම් ජනයා සහභාගි වී සිටියහ .

ඊශ්‍රායලයේ ත්‍රස්තවාදයට එරෙහි වෙමූ ! පලස්තීීීනය අයිති පලස්තීන ජනතාවටයි ! සහ පලස්තීනයට ජය වේවා ! ආදි වැකි ලිවු පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් ‌ විරෝධතවයේ නිරත වුහ .

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන අය එම විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *