ඩයනා ගමගේට පහරදුන් සුජිත් පෙරේරා අත්අඩංගුවට ගනු!

පාර්ලිමේන්තු සංකීරණය තුළ සිදු වු පහර දිමක් නිසා ජයවර්ධන පුර රෝහලට ඇතුළත් වු රාජය අමාත්‍ය ඩයනා ගමගේ අද (21) දහවල් එම රෝහලෙන් පිටව ගොස් ඇත.

රාජය අමාත්‍ය ඩයනා ගමගේට මෙසේ පහර දී ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින්ය .

පාර්ලිමේන්තු සංකීරණයේ පහත මාලයේ පුස්තකාලය අසල ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර බහින් බස් විමක් සිදු වී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පෙරේරා තමන්ගේ බෙල්ලෙන් අල්ලා පහර දුන් බව අමාත්‍යවරිය පැවැසුවාය . ඩයනා ගමගේ පෙල්ලෙන් අල්ලා පහර දෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරි සරයි .

පෙරේරා මන්ත්‍රීවරයා තමන්ට පහර දුන්නැයි රාජගිරිය පොලිසීයේ පැමිණිල්ලක් ද දමා ඇත. පසුව ඇය ඊයේ (20) සවස ජයවර්ධන පුර රෝහලට ඇතුළත් වුවාය .

රාජය අමාත්‍යවරිය ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පරුෂ වචනයෙන් බැණ වැදි පහර දිමට උත්සහ කරන රූප රාමුද එම විඩියෝ පටයේ සටහව ඇත.

ඩයනා ගමගේ පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට පැමිණි කර ඇති අතර පසු ඒ සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂණයක් පැවැත්වීම සදහා කතනායක මහින්ද යාපා අබේවර්ධන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ මුලිකත්වයෙන් කමිටුවක් ද පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *