සොම්බි රනිල් පන්නමු !- ජාතික ජන බලවේගය

ජනතාව පෙළන ,රට විකුණන ,වියරු දුෂිත පාලනය පන්නමු ! ජනතාව කැදවමින් ඊයේ (18) සවස නුගේගොඩ එළිමහන් ආනන්ද රංග පිඨයේ ජන බල විරෝධය නමින් රැලියක් පැවැවිත් විණ .

නුගේගොඩ දෙල්කද මංසන්දිය අසලින් සවස 3 ට ආරම්භ කළ පෙළපාලිය හයිලෙවල් පාර ඔස්සේ නුගේගොඩ ගුවන් පාලම දක්වා පැමිණ ගුවන් පාලමෙන් දකුණට හැරී , ආනන්ද රංග පිඨය වෙත ගමන් කළහ . ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජනතා විමුත්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ යන නායකයින් පෙළ පාලියේ ආරම්භයේ සිට ගමන් කළ අතර ජාතික ජන බලවේගයේ විෂායත සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය මැද දී පෙළපාලියට එක් විය .

මෙම පෙළපාලිය සහ රැලිය ජාතික ජන බලවෙිගය මගින් සංවිධානය කරන ලදි .

විරෝඡතාකරුවන්

බර පටවලා – ජනතාවට

රට විකුණනලා -විදෙස් වලට

බොරු වපුරලා – ණය වැයතට

පිස්සු හැදිලා -රනිල් උඔට

මොකක්ද මේ – සුත්තරේ

අයි ඒමි ඒෆ් -සුත්තරේ

බර පටවන සුත්තරේ

රට විකුණණ -සුත්තරේ

නරිවාදන් -මතුකරනවා

රටේ සම්පත් -විකුණනවා

දුෂිතයින් -වට කරගෙන

සොම්බි රනිල් -වැජඹෙනවා යන සටන් පාඨ කියමින් ‌ සහ සටන් පාඨ ලිව් පුවරු රැගත් ‌ පෙළ පාලියේ ගමන් කළහ .

නුගේගොඩ එළමහන් රංග පිඨය අතුරු සිදු නොමැතිව පිරි ගොස් තිබුුුණු අතර 5000 ඉක්ම වු ජනතාවක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *