PTA පනත අහෝසී කරනු! අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ පාසැල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනු!- පෙත්සමකට අත්සන් තබති.

ජාතික ජන බලව්ග ආණ්ඩුව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මහජනයාට දුන් පොරොන්දු වහා ඉටු කරන්නැයි බල කර අද (10) සවස මොරටුව දුම්රිය පොල ඉදිරිපිට මහජන පෙත්සමක් අත්සන් කරන ලදී.

එම පෙත්සම අත්සන් කරවන ලද්දේ, මොරටුව මහජන කවුසලය මගිනි.

PTA පනත, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ පාසැල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙසත් ඖෂධ මිල පහත හෙළන ලෙසත් ආණ්ඩුවට බල එම මහජන පෙත්සම අත්සන් කරන ලදී.

අපි මේ උත්සහ කරන්නේ ආණ්ඩු පෙරළන්න නොව වැරුදි මර්ගයේ යන ආණ්ඩුව නිවැරදී මගට ගැනිම බවත් ආණ්ඩුව මහ මැතිවරණයේදී දුන් පොරෝන්දු ඉටු කරන්නේ නැතින්නම් එම පොරොන්දු වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර සිටිමට මහජනයාට අයිතියක් ඇති බව පෙත්සමේ අරමුණු පැහැදිකරමින් මොරටුව මහජන කවුන්සිලයේ සහෝදරයෙකු පැවසීය.

දුමිියෙන් බැස එන මගීහු ඉතා උනන්දුවෙන් පෙත්සමට අත්සන් තැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *